Secular Sri Lanka - Blog

"A secular constitution that everyone in Sri Lanka can subscribe to, and feel a sense of belonging in; regardless of their ethnic origin or religious convictions or lack of thereof; is a big step towards the correct direction."


Visit our Official web site : www.secularsrilanka.com

Sunday, June 20, 2010

කොළඹ, බස්නාහිර පළාත තුළ ඉරිදාට, පෝයට ටියුෂන් තහනම්!

ඉරිදා සහ පෝදා ටියුෂන් තහනම්කර ඇත්තේ නිසි අධ්‍යයනයකින් හෝ අවබෝධයකින් නොවේ
- එජාපය චෝදනා කරයි

(පියසේන දිසානායක)

ඉරිදා සහ පෝය දිනවල උපකාරක පන්ති පැවැත්වීම තහනම් කර ඇත්තේ ඒ පිළිබඳව නිසි අධ්‍යයනයකින් හා අවබෝධයකින් නොවන බවට එක්‌සත් ජාතික පක්‍ෂය චෝදනා කරයි.

උපකාරක පන්ති තහනම් කිරීමට පෙර ඒ සම්බන්ධව පුළුල් අධ්‍යයනයක්‌ කොට ජාතික ප්‍රතිපත්තියක්‌ සැකසිය යුතු බව රත්මලාන එක්‌සත් ජාතික පක්‍ෂ ප්‍රධාන සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් ලාල් ග්‍රේරු මහතා පැවැසීය.

විපක්‍ෂ නායක කාර්යාලයේදී ඊයේ (15 දා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ මොහාන් ලාල් ග්‍රේරු මහතා ඉරිදා සහ පෝය දිනවල ටියුෂන් පංති පැවැත්වීම තහනම් කිරීමෙන් ආණ්‌ඩුව අපේක්‍ෂිත අරමුණ කරා යන ඉලක්‌කය කුමක්‌ දැයි ප්‍රශ්න කර සිටියේය.

හිටි හැටියේ තම ටියුෂන් පංති නතර කරනවාට වඩා එම පංති පැවැත්වෙන ආකාරය, පැවැත්වෙන ස්‌ථාන, සහභාගි වන ළමයින් සංඛ්‍යාව, උගන්වන ගුරුවරුන් හා ඔවුන්ට ඒ සඳහා ඇති සුදුසුකම් වැනි කරුණු කෙරෙහි අධ්‍යයනයක්‌ කොට ඒ සඳහා ක්‍රමවේදයක්‌ සකස්‌ කළ යුතුව තිබූ බව මොහාන් ලාල් ග්‍රේරු මහතා පැවැසීය.

එවැනි නිසි අධ්‍යයනයකින් තොරව ටියුෂන් තහනම් කිරීමෙන් දරුවන් අනිසි ක්‍රියාමාර්ගවලට පෙළඹීමේ ඉඩ ප්‍රස්‌ථා වැඩි බව පෙන්වා දෙන ඒ මහතා දරුවන්ගේ අධ්‍යාපනය සමඟ පාලකයන් විහිළු නොකළ යුතු බව අවධාරණය කළේය.

පෝය දිනවල ටියුෂන් පංති නතර කිරීමෙන් ආගමික කටයුතුවලට පෙළඹෙන සංඛ්‍යාව වැඩිවිය හැකි වුවත් ඉරිදා දිනවල දහම් පාසල් අධ්‍යාපනයට යොමුවුණ සංඛ්‍යාව වැඩිවෙනු ඇතැයි ඉන් අපේක්‍ෂා කළ නොහැකි බව ඒ මහතා පෙන්වා දෙයි.

වයස අවුරුදු දහය වන තෙක්‌ දරුවකු ටියුෂන් පංතිවලට යෑවීම සුදුසු නොවූවත් අද පළමු ශ්‍රේණියේ සිට දරුවන් ඒ සඳහා හුරුකර ඇති බව පවසන ඒ මහතා මෙහි හොඳ නරක පිළිබඳව ආණ්‌ඩුව දෙමාපියන් දැනුවත් කළ යුතු වුවත් මෙරට එවැන්නක්‌ දක්‌නට නොමැති වීම අභාග්‍යයක්‌ බව පැවැසීය.

දරුවන්ට දහම් පාසල් යාමට හැකිවන පරිදි ඉරිදා සහ පෝය දිනවල ටියුෂන් පන්ති තහනම් කිරීමට බස්නාහිර පළාත් සභාව සැරසෙයි.

පළාත් සභාවේ සභිකයෙකු වන ජගත් කුමාර ඉදිරිපත් කරන ලද යෝජනාවට අනුව ඒ තහනම ඉරිදා දින සවස 2 දක්වාද මුළු පෝය දින පුරාද පැවැත්වේ.
මෙයට සමාන තහනමක් දකුණු පළාත් සභාවේද ක්‍රියාත්මක වෙයි. (YP)

නවක මන්ත්‍රීවරුන්ගෙන් වොලිබෝල් කණ්ඩායමක්

සුපුරුදු පරිදි ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය ගිය සතියේ රැස්වීය. ඒ අරලියගහ මැදුරේදීය. මෙවර කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කැර තිබිණි. ඒ ඉරිදා දිනයට ටියුෂන් පංති පැවැත්වීම තහනම් කිරීම සහ පෝය දිනවලට පැවැත්වෙන සියලු උත්සව තහනම් කරන ලෙස ඉල්ලමිනි.

"මේ වගේ වැඩ නීතිරීති දාලා කරනවාට වඩා රටේ ආගමික ප්‍රබෝධයක් ඇති කරලා ඒ මඟින් ජනතාව තුළ ම පාලනයක් ඇති කරනවා නම් හොඳයි." ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයට කියා සිටියේය.

"පෝය දිනයට සියලුම උත්සව නවත්වන්න බැරි වේවි. සමහර වේලාවට විදේශ රාජ්‍ය නායකයෝ සහ නියෝජිතයෝ ආවාම උත්සව පවත්වන්න සිදු වෙනවා." දි. මු. ජයරත්න අගමැතිතුමා කැබිනට් මණ්ඩලයට සිය අදහස ඉදිරිපත් කළේය.

ඉන් අනතුරුව කැබිනට් මණ්ඩලයට අදහස් දැක්වූයේ අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධනය. "මේ ප්‍රශ්නය ඇතිවෙලා තියෙන්නේ විෂය මාලාව විශාල නිසායි. පාසල්වලදී යම් විෂයක් ගුරුවරුන්ට ඉගැන්වීමට ලැබෙන කාල වේලාව සීමිතයි. ඊළඟට ඇතැම් විෂය ඉගැන්වීමට ගුරු හිඟයක් පවතිනවා. ඒ නිසයි අපේ ළමයින්ට ටියුෂන් යන්න සිදුව තිබෙන්නේ." ඇමැති බන්දුල ගුණවර්ධන කියා සිටියේය.

"දහම් පාසල් අධ්‍යාපනය දිනෙන් දිනම කඩා වැටීමේ අවදානමක් තිබෙනවා. එය වැළැක්වීමට අප පියවර ගත යුතුයි." ඇමැති චම්පික රණවක කියා සිටියේය.

අනතුරුව කැබිනට් මණ්ඩලයට ඇමැති බන්දුල ගුණවර්ධන ටියුෂන් පංති ගැන වෙනත් අදහසක් ඉදිරිපත් කළේය.

"වෘත්තීය අධ්‍යාපන කටයුතුවලට ඉරිදා ටියුෂන් තහනම බලපානවා. දහම් පාසල් යන්නේ එක ශ්‍රේණියේ සිට 10 ශ්‍රේණිය දක්වා ළමයි පමණයි. ඒ නිසා වෘත්තීය අධ්‍යාපනය ලබන අයට හානියක් නොවෙන විදියට ඉරිදා ටියුෂන් තහනම ක්‍රියාත්මක කිරීම වටිනවා. නැත්නම් වෘත්තීය අධ්‍යාපනය ලබන අයට එය ලොකු පාඩුවක් වෙනවා." අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන කියා සිටියේය.

මේ අතර ඇමැති සුසිල් පේ‍්‍රමජයන්ත සහ ඇමැති රාජිත කියා සිටියේ දහම් පාසල් අධ්‍යාපනයට ටියුෂන් බාධාවක් වෙන බවක් තමන්ට නම් නොපෙනෙන බවය.

"මට නම් හිතෙන්නේ ඉරිදා දිනයට සම්පූර්ණයෙන්ම ටියුෂන් තහනම් කළ හැකි වෙන්නේ දහම් පාසල් ගුරුවරයකු අධ්‍යාපන ඇමැති වෙන දිනයට පමණයි." ඇමැති විමල් වීරවංශ කියා සිටියේය.

ඉන් අනතුරුව කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවට ලක්වූයේ රජයේ නිලධාරීන් සිටින සමුළු නිවාස ගැනය. මේ නිවාසවල රජයේ නිලධාරීන්ට රැඳී සිටීමට නීතියෙන් ඉඩ ලැබී තිබෙන්නේ වසර 5 ක් වුවද බොහෝ රාජ්‍ය නිලධාරීන් එම නිවාසවල වසර හත අට රැඳී සිටින නිසා රාජ්‍ය නිලධාරීන්ට එම සමුළු නිවාසවල වසර 10 ක් පමණ රැඳී සිටීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලමින් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත්ව තිබිණි.

එම යෝජනාවට ජනාධිපතිතුමා තම විරෝධය පළ කළේය. "ඔය කියන විදියට වසර 10 ක් දක්වා දීර්ඝ කළාම රජයේ නිලධාරීන් වසර 15 ක් පමණ රැඳී සිටීමට උත්සාහ කරාවි. ඊළඟට රාජ්‍ය නිලධාරීන් ඔය කියන නිවාසවලින් ඉවත් කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වේවි." ජනාධිපතිතුමා කියා සිටියේය.

බස්නාහිර පළාත තුළ ඉරිදාට, පෝයට ටියුෂන් තහනම්
lankacnews

බස්නාහිර පළාත තුළ ඉරිදා හා පසළොස්වක පොහෝ දිනවල පෞද්ගලික උපකාරක පැවැත්වීම තහනම් කිරීමට නියමිතය. ඒ අනුව පොහෝ දිනවල සම්පූර්ණ දවසත් ඉරිදා දිනවල ප.ව. 2.00 දක්වාත් පංති පැවැත්වීම තහනම් කෙරෙනු ඇති අතර මෙයට අදාළ යෝජනාව බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී ජගත් කුමාර මහතා විසින් ලබන අගහරුවාදා පැවැත්වෙන සභාවාරයට ඉදිරිපත් කිරීමට නියමිතය. (Submitted by sisira)

ඉරිදා පෝය ටියුෂන් තහනම්

tuition_centreසෑම ඉරිදා දිනවලත් පුර පසලොස්වක පොහොය දිනවලත් උපකාරක පංති පැවැත්වීම තහනම් කිරීමට පළාත් ප්‍රධාන අමාත්‍ය සමුළු‍වේදී තීරණය කර තිබේ.

එම යෝජනාවට අනුව ඉරිදා දිනවල පෙරවරුවේ පංති තහනම් කෙරේ. මෙය දිවයින පුරා ම ක්‍රියාත්මක කිරීමට මහඇමතිවරුන් එකඟතාවකට පැමිණ ඇත.

මෙවර කුරුණැගල පැවති මහ ඇමතිවරුන්ගේ සමුළුවේදී තවත් වැදගත් යෝජනා 17ක් ගැන එකඟත්වයට පැමිණි බව ද වාර්තා වේ.
මෙවර පැවතියේ ප්‍රධාන අමාත්‍යවරුන්ගේ 27 වන සමුළුවයි. එය වයඹ පළාතේ මාරවිල "ක්‌ලබ් පාම් බේ" හෝටලයේදී පසුගිය 4 සහ 5 දිනවල පැවැත්විණි. මීළඟ මහ අමාත්‍යවරුන්ගේ සමුළුව බස්නාහිර පළාතේ පැවැත්වීමට ද තීරණය කොට ඇත.

පෝයට ඉරිදාට ස’ගමුවේ ටියුෂන් තහනම්

ඉරිදා සහ පසළොස්වක පොහෝ දිනවල සබරගමුව පළාත තුළ පෞද්ගලික උපකාරක පංති පැවැත්වීම තහනම් කෙරෙන යෝජනාවක් සබරගමුව පළාත් සභාව විසින් ඒකමතිකව සම්මත කර තිබේ. ඒ අනුව පෙහෝ දිනවල සහ ඉරිදා දිනවල උදෑසන සිට සවස 2.00 දක්වා වයස අවුරුදු 5 සිට 16 දක්වා ළමයින් සඳහා උපකාරක පංති පැවැත්වීම සපුරා තහනම් වේ. සබරගමුව පළාත් හිටපු ආණ්ඩුකාර ජානක ප‍්‍රියන්ත බණ්ඩාර මහතාගේ සංකල්පයක් අනුව පළාත් නව ආණ්ඩුකාර වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා මෙම යෝජනාව පළාත් සභාවට ඉදිරිපත්කර ඇති අතර අදාළ නියෝගය කඩ කරන උපකාරක පංති ගුරුවරුන්ට රුපියල් 5000 ක දඩයක් හෝ මාස 06 ක සිරි දඬුවමක් නියම කළ හැකිය.

පොහෝ දිනවල සහ ඉරිදා දිනවල පෞද්ගලික උපකාරක පංති පැවැත්වීමෙන් ළමයින්ගේ ආගමික හා සදාචාර වර්ධනය පිරිහීම ආගමික නායකයන් විසින් දිගින් දිගටම පෙන්වා දී ඇති අතර එය වැළැක්වීම සඳහා සබරගමුව පළාත් සභාව මෙම පියවර ගෙන තිබේ.

tution-class-01
From: Navaliya

ටියුෂන් තහනම් කළ යුතු ද?

නූතන සමාජයේ ඕනෑම පුද්ගලයකුට නැතිවම බැරි උපකාරාත්මක සාධකයකි අධ්‍යාපනය. විවෘත සමාජය තුළ රැකියාවක්‌ කිරීමට දැනුම ලබා ගැනීමට. වෙනත් ප්‍රතිලාභ ලැබීමට මෙම උපකාරාත්මක සාධකය අත්‍යවශ්‍ය ය. මෙහිදී එම දැනුම ලබා ගන්නා වූ විවිධ මංමාවත් විවෘතව තිබුණත් විශේෂයෙන් පාසල් අධ්‍යාපනයට හිමි වන්නේ සුවිශේෂ ස්‌ථානයකි.

විවෘත සමාජය තුළ ජීවත් වීමේදී වටිනා කමක්‌ ලැබීමට, සුදුසුකමක්‌ ලැබීමට දැනුම ලබන්නට නිර්මාණය වූ මංපෙත් නිසා මෙහි යම් තරගකාරී රටාවක්‌ බිහි වී තිබෙනවා.

විවෘත ආර්ථික රටාව තුළ සියල්ලට ම මිලක්‌ නියම වී ඇතිවා සේම අධ්‍යාපනය දෙන්නාටද, ලබන්නාටද එක්‌තරා ආකාරයකට මිලක්‌ නියම වී ඇත.

ජීවත්වීම සඳහා මුදල් අත්‍යවශ්‍ය ය. මුදල් සෙවීමට නම් ඒ සඳහා යම් කිසි වෘත්තියක යෙදිය යුතුය. එසේ වීමට නම් අධ්‍යාපනය අවශ්‍යය.

ඒ සුදුසුකම සපුරා ගැනීම වස්‌ 1945 දී කන්නන්ගර මැතිතුමාගේ මැදිහත් වීමෙන් අපට නිදහස්‌ අධ්‍යාපනය ලැබිණ. ඉන් විපුල ප්‍රයොජන ගන්නෝ එමටය.

එසේ වුවද සමාජ ආර්ථික දියුණුවත් සමඟ අධ්‍යාපනය ද තරඟකාරීත්වය පත් වී ඇත. මේ තරගකාරීත්වය ඇති වීමට තවත් හේතුවක්‌ වී ඇත්තේ එකකු පරදා අනෙකා ප්‍රමුඛයා වීමේ මානසික තත්ත්වය යි.

තම දුව, පුතා ඉහළිsන් ශිෂ්‍යත්වය සමත්වනු දැකීමට, සාපෙළ විභාගයේ සියලු විෂයන්ට ඒ සාමාර්ථ ගැනීමට, උසස්‌ පෙළ විභාගයේ දී ඒ සාමාර්ථ ගෙන ප්‍රමුඛයන්ගේ ලයිස්‌තුවට නම ඇතුළත් කර ගැනීමට දෙමාපියන් ගන්නා වෙහෙස අපමණය. එහිදී වැඩිමනක්‌ ම දරුවන් උනන්දුකරවන්නේ මව යි.

නුවරඑළිය ප්‍රදේශයේ කළ සමීක්‌ෂණයකදී හෙලිවුණ ආකාරයට එක්‌තරා ගොවි මහතකු තම දියණිය නුවර නේවාසිකව නවත්වා පෞද්ගලික පංතිවලට සහභාගි කරවා එම පංති සඳහා ඔහු මසකට රු. 12000 ක්‌ වියදම් කරනු ඇත. අද මෙය ඉතා සුලභ අත්දැකීමකි.

උසස්‌පෙළ සා. පෙළට පමණක්‌ නොව සමහර දෙමාපියන් ඉතා පහළ පංතිවලත් දරුවන් ද පෞද්ගලික පංතිවලට යොමු කරන දෙමාපියන් සිටිනවා. සැබවින්ම මෙවන් තත්ත්වයක්‌ උදාවි ඇත්තේ ඇයි යන්න විමසා බැලිය යුතුයි.

උදෑසන පාසලට එන දරුවා සවස පාසල් වේලාව අවසන් වනතුරු කාලපරිච්ඡේද කිහිපයක්‌ තුළ විෂයන් කිහිපයක්‌ ඉගෙන ගන්නවා. මෙහිදී දිනකට එක්‌ විෂයකට වෙන්වන්නේ විනාඩි 40-45 ක්‌ වැනි කාලයක්‌ මේ කාලය තුළ උගන්වන දෙය දරුවාට උපරිමයෙන් දීමට ගුරුවරයා සමත්විය යුතුයි. එමෙන්ම එය උකහා ගැනීමට ශිෂ්‍යා දක්‌ෂ විය යුතුයි. ශිෂ්‍යා ඉගෙනීමටයි පාසලට එන්නේ, එය නිවැරදිව ලබාදීමට ගුරුවරයා සමත්විය යුතුයි. එහෙත් දරුවන් යම් යම් විෂයන්වලට අදක්‌ෂයන් වන්නේ හා පෞද්ගලික පංතියෙන් තමාට අවශ්‍ය දැනුම ලබාගන්නේ ඉගැන්විමේ ක්‍රමවේදය නිසයි. ඒ සඳහා පාසල් ගුරුවරුන් දක්‌ෂ විය යුතුයි. එහෙත් හැමදෙනාම ඒ සඳහා දක්‌ෂයෝ නොවෙයි. ඒ නිසා ගුරු වෘත්තියට බඳවා ගැනිමේදී ඒ සඳහා දක්‌ෂයන් පමණක්‌ තෝරාපත් කරන්නට රජය මැදිහත් විය යුතුයි.

ඇතැම් පාසල්වල එක්‌ එක්‌ විෂය මාලාවන් සඳහා ගුරුවරුන් නැහැ. ඒ නිසා ඒ දරුවන් පෞද්ගලික පංතිවලට යොමුවෙනවා. එක්‌ අතකින් උදෑසන පාසල් එන දරුවා පාන්දර අධ්‍යාපන කටයුතු කොට ඊට පසු යළිs පෞද්ගලික පංතිවලටත් සහභාගි වී ගෙදර යනවිට රාත්‍රී හත අට පමණ වෙනවා. මෙය දරුවට මානසික පීඩනයක්‌. මේ පීඩනය අවම කළ හැක්‌කේ හෝ නැති කිරීමට හැක්‌කේ දෙමාපියන්ට හා පාසල් ගුරුවරුන්ටයි.

එසේ වුවද සමාජයේ ඇති ආර්ථික රටාව හමුවේ වර්තමානයේ ඇතැම් පාසල් ගුරුවරුන්ද ටියුෂන් පංති පැවැත්වීමේ කාර්යයේ යෙදිලා ඉන්නවා. ඒ නිසා තම පෞද්ගලික පංතියකට සහභාගි නොවන දරුවන්ට පාසල් පංති කාමරයේදී අත්දකින්න වෙන්නේ වෙනම අත්දැකීමකට. මේ පීඩනයෙන් දරුවා මුදවා ගන්නේ කවුද?

අනිත් කාරණය පෞද්ගලික පංතිවලට ඒකරාශිවන්නේ සමවයසේ දරුවන් සමහර විට ඔවුන් යොවුන් වියේ පසුවන්නන්. පාට ඇඳුමින් සැරසී පාරට බහින ඔවුන්ට අපමණ නිදහසක්‌ තිබෙනවා. බස්‌වල, බස්‌ නැවතුම් පලවල රංචු පිටින් දරුවන් ඒකරාශිවෙනවා. ඒ නිදහස හරහා ඔවුන් යම් යම් වැරැදි ක්‍රියාවලට සම්බන්ධ විය හැකියි. එක අතකින් තරුණ සිතුවිලි ක්‍රියාකිරීම ටියුෂන් නිසාම වන්නක්‌ නොවෙයි. එය එක්‌ හේතුවක්‌ පමණයි.

ඒ නිසා "ටියුෂන් නිසා දරුවන් නොමග යනවාමයි." කියලා කෙනෙකුට ඇඟිල්ල දිගු කරන්න බැහැ.

ඒ කොහොම වුණත් පවතින අධ්‍යාපන ක්‍රමවේදය තුළ නිසි ලෙස අධ්‍යාපන සම්පත් බෙදී ගොස්‌ නැහැ. ඒ වගේම පාසල් පරිපාලනයේ ක්‍රමවේදය ක්‍රමවත් නැහැ. මේවාට රජය පිළියම් යෙදිය යුතුයි.

අද ජාත්‍යන්තර පාසල් ව්‍යාප්ත වෙලා රට හැමතැනම. ඒවායේ දරුවන් ටියුෂන් යන්නේ නැහැ. එහෙත් සුපිරි හෝ ජනප්‍රිය කියන පාසල්වල දරුවන් ටියුෂන් යනවා. ඒ නිසා රජයේ පාසල්වල ඉගැන්වීමේ ක්‍රම වේදයකු ඇති කළ යුතුයි යන්න නැවතත් අවධාරණය කළ යුතුයි.

දරුවන්ට ටියුෂන් අවශ්‍යයයි. ඒ දුර්වල දරුවන්ට. මන්ද අප මුලින් කතා කළ ආකාරයට දිනකට එක්‌ විෂයකට වෙන්ව ඇත්තේ විනාඩි 40-45 ක්‌. ඒ තුළ සෑම දරුවකුටම ගුරුවරයා උගන්වන දෙය උකහා ගන්න බැරි විය හැකියි. ඒ නිසා එවන් දරුවන්ට ටියුෂන් අවශ්‍ය බව අපගේ හැඟීමයි.

කැලණි විශ්ව විද්‍යාලයේ
සමාජ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්aඨ කථිකාචාර්ය
කේ. කරුණාතිලක

පෝයට හා ඉරිදා උදයට ටියුෂන් තහනම්! මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ව්‍යවස්ථදායකයේ බලතල!
beyondframe

පහුගිය දිනක කැළණියේ මත්පැන් හා මස්කඩ තහනම් කරමින් මර්වින් සිල්වා විසින් පනවන ලද නීතිය පස්සේ අකුළාගනු ලැබුවේ ද ඔහු විසින්ම ය. අප දන්නා තරමින් පාර්ලිමේන්තුවට නීති පැනවීමේ බලතල තිබුනත් මන්ත්‍රීවරයෙකුට තමන්ගේ වැයික්කියේවත් නීති පැනවීමට එහෙම බලයක් රටේ නීතිය අනුව නැත. එහෙත් එම අණඥාව අකුලා ගනු ලැබුවේ ඒ නිසා නොව පළාතේ අය විසින් කෙරෙන්නට යෙදුණු දුක් ගැනවිල්ලක් සළකා බලා බව අපට ඒත්තු යන්නට සළස්වා තිබුනේ ය.

ඒ නිසාම මන්ත්‍රීවරයෙකුට පුලුවන් නම් තමන්ට බැරි ඇයිදැයි මාතර දිස්ත්‍රික් ලේකම් වරයා කල්පනා කළා වෙන්නට පුලුවන. එබැවින් එතුමා පෝදිනත් ඉරිදා වරුවකුත් ටියුෂන් පන්ති තහනම් කරමින් නීති පැනවුයේ ය.

අප දන්නා තරමින් පාර්ලිමේන්තුව ඇරුණුකොට රටේ නීති පැනවිය හැකි අනෙක් ආයතනය ජනතාවගේ චන්දයෙන් පත් වන පළාත් සභාය. ඒ තමන්ගේ පළාත් සභා වපසරිය තුළ ය.

ජනතාවගේ චන්දයෙන් පත් නොවන දිස්ත්‍රික් ලේකම්ලාට ඇති කාරිය නීති ක්‍රියාත්මක කිරීම මිස පැනවීම නොවේ. අප මෙතෙක් සිතා සිටියේ පිස්සු කෙළීමේ තනි බුත්තිය ඇත්තේ දේශපාලනඥයින්ට බව ය. එහෙත් අප වැරදි ය.

රටේ බලය තියෙන හැම එකාම නීතිය තමන්ට අවශ්‍ය පරිද්දෙන් අර්ථ දක්වන මේ යුගයේ තමන්ටත් එසේ නොකළ හැකි දැයි බැලීමෙන් දිස්ත්‍රික් ලේකම් තුමා කර ඇත්තේ පිස්සු කෙළිම දේශපාලනඥයින්ට පමණක් අයිති නැති බව පෙන්වා සිටීම ය.

රටේ නීතිය ගැන අවබෝධයක් තිබිය යුතු පරිපාලන නිලධාරීන්ද එහෙම දෙයක් ගැන නොදැන සිටීමෙන් පමණක් නොව එවැන්නක් නැතැයි සිතමින් නීතිය යනු තමන් යයි කල්පනා කිරීමට යාමෙන් නම් රටට හොදක් වන්නේ නැත.

ආගම හා ජාතිය වෙනුවෙන් යමක් කරන විට නීතිය අහවල් දෙයකට දැයි සිතන්නට රටේ බොහෝ දෙනා සිතන්නට පුරුදුව සිටීම අලුත් ව්‍යාධියකි.

මේ එළඹෙමින් තිබෙන්නේ සියලු පව් සමා කරගැනීමට ආගම අමු අමුවේ භාවිතා වෙන යුගයකි. එහි පූ‍ර්ණ බුත්තිය දේශපාලනඥයින්ට විතරක් ලබා දෙන්නේ ඇයි? මාතර පරිපාලනයට හිතෙන්නට ඇත්තේ එහෙම ය.

ටියුෂන් තහනම අග නගරයටත්.
thambapannii



බස්නාහිර පළාතේ සති අන්ත ඉරිදා දිනවල උදේ කාලයේ හා පෝය දිනවල පෞද්ගලික පන්ති තහනම් කිරීමට බස්නාහිර පළාත් සභාවට යෝජනාවක් ගෙන එමට එහි මන්ත්‍රීවරු සැරසේ.

මෙම 08 දා අදාළ යෝජනාව පළාත් සභා රැස්වීමට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව එම පළාත් සභා මන්ත්‍රී කණ්ඩායම කියයි.
දැනටමත් සබරගමුව පළාත තුළ ඉරිදා පෙරවරුවේ පෞද්ගලික පන්ති පැවැත්වීම තහනම් කර ඇති අතර මාතර දිස්ත්‍රීක්කයේද එවැනිම තහනමක් ක්‍රියාත්මක වේ.

No comments:

Post a Comment