Secular Sri Lanka - Blog

"A secular constitution that everyone in Sri Lanka can subscribe to, and feel a sense of belonging in; regardless of their ethnic origin or religious convictions or lack of thereof; is a big step towards the correct direction."


Visit our Official web site : www.secularsrilanka.com

Sunday, August 29, 2010

මේ සිංහලයන්ගේ ආරම්භය ගැන නම් නොවේ...


By පිටස්තරයා-2


පහුගිය කාලය තුළ සිංහලයන්ගේ ආරම්භය ගැන ලියැවුණු ලිපි කිහිපයක් ම බ්ලොග් අඩවිවල පළ වී තිබුණා. එයින් මයියා ලියූ ලිපි තුනකට (1, 2, 3) එක්තරා ප්‍රමාණයකින් කොමෙන්ට්ස් ලිවීම මගින් සම්බන්ධ වූ නමුත් අන් ලිපි කිසිවකට මාගේ අදහස් ඉදිරිපත් කිරීමට නොහැකි වූයේ කාර්ය බහුලත්ත්වය නිසා. මේ ලිපිය ඒ බ්ලොග් සහෘදයින් ඇරඹූ සාකච්ඡාවේම දිගුවක් ලෙස සැලකුවාට වරදක් නෑ.

මෙහි දී සත්‍යයේ කාන්තාරය අඩවියේ පළ වූ ලිපිය සම්බන්ධයෙන් කිසිවක් මේ ලිපිය තුළ සාකච්ඡා කළ නොහැක්කේ කිසියම් හේතුවක් නිසා එම බ්ලොග් අඩවිය ඉවත් කරගෙන ඇති බව පෙන්වන බැවිනි. එහෙත් එහි සඳහන් ව තිබූ සිංහල බස දෙමළ බසට කිට්‍ටු එකක් ලෙස කී අදහස ගැන පෙරමුණේ රාල ඉදිරිපත් කර ඇති අදහස සමඟ එනම් සිංහලය ඉන්දු ආර්ය භාෂා පවුලට අයත් බසක් ය යන්න හා දෙමළ බස ද්‍රවිඩ භාෂා පවුලට අයත් එකක්ය යන අදහස සමග මම සම්පූර්ණයෙන් ම එකඟයි.

මාගේ මුල්ලිපියකත් මේ ප්‍රශ්නයට අදාල යමක් කතා කළා. නමුත් මගේ අවධාරණය සිහලයන්ගේ ආරම්භය කුමක් ද යන්න සෙවීම නොවේ. එය සෙවීම ඉතාම අපහසු කාර්යයක් වන අතර කිසිවෙකුටත් නිස්චිත ලෙස පිළිතුරු දීමට ද නොහැකි ගැටළුවක්. මා පිලිගන්න ආකාරයට එය බොහෝ කාලයක් තුළ සිදුවුනු ක්‍රියා දාමයක ප්‍රතිඵලයක් මිස ඒක් නිශ්චිත දිනෙක එක් ප්‍රමුක පුද්ගලයෙකුගේ (විජය, රාවණ වැනි) මැදිහත් වීමෙන් සිදු වූවක් නොවේ. ඒවගේම භාෂාව ජාතිය ආගම වැනි අනන්‍යතා ඇතිවීම මානවයා ජීවත් වූ සමස්ත කාලයට සාපේක්ෂව සැලකූ විට ඉතාම කෙටි කාලසීමාවකට අයත් වන අතර එහෙයින්ම එබඳු කෙටි කාලයකට අදාලවන අනන්‍යතාවලට නොගැලපෙන තරම් අතිමහත් වැදගත් කමක් දීම ගැනද එතරම් සතුටක් මා තුල නෑ. පෙරකී අනන්‍යතාවලට වැදගත් කමක් දිය යුතුවන්නේ සමස්ත තත්ත්වයන් සැලකිල්ලට ගෙන ඒ සමස්ත තත්ත්වය තුළ ඒයට හිමිවිය යුතු ප්‍රමාණයටයි. ඒ වගේම 'ජාතිය' 'ආගම' වැනි අනන්‍යතා පිළිබඳ අද මෙන් තද එල්බ ගැනීමක් අතීතය පුරා එකම ආකාරයට පැවතියා කියා මා විශ්වාස කරන්නේත් නෑ. එසේ එල්බ ගැනීම කෙරෙහි යම් ජන කොටසක් යොමුවන්නේ එකී ජනකොටස වෙත එල්ලවන/එල්ලවී තිබෙනවා යැයි හිතන අභියෝගයන්ට දක්වන ප්‍රතිචාරයක් හැටියටය යනු මගේ හැඟීමයි. ඒ ඒ කාලයන්හි ඇතිවන අභියෝගයන්හි සවභාවය එකම ආකාර නොවන නිසා හැම කල්හි එකම ආකාරයේ ජාතිය පිළිබඳ හැගීමක් තිබුණා යැයි සිතිය නොහැකියි. ඒ වගේම කාලය හරහා අතීතයට යන්නට යන්නට ජාතිය, භාෂාව වැනි දේ පදනම් ව බිහිවන අනන්‍යතා ක්‍රමයෙන් බොඳව යනවා. උදාහරන ලෙස බුද්ධකාලීන භාරතය තුල ජාතිය කියා හැන්දින්විය හැකි අනන්‍යතාවක් පේන්නේ නෑ. තිබෙන්නේ වර්ණ කියා හැඳින්වෙන අනන්‍යතාවක්. එය භාෂාව මත හෝ ආගමික විස්වාසවල වෙනස්කම් මත ඇති වූවක් ද නොවේ.

අනෙක් අතට ජාතීන් අනුව මිනිසුන් වර්ගකොට ලැයිස්තු ගත කිරීම සිදුවන්නේ බ්‍රිතාන්‍ය පාලන සමයේ ඔවුන්ගේ පරිපාලන වුවමණා මත. ඒ නිසා අද අප අතර තිබෙන ආකාරයේ ජාතිය පිළිබඳ අදහසක් අදට වඩා සාකළ්‍යයෙන් ම වෙනස් පරිසරයන් පැවති අතීතය තුළ දැකීමට උත්සාහ කිරීම ද ක්‍රම විරෝධී බව මාගේ හැඟීමයි.

මා මීට පෙර මේ ගැන ලියමින් කියා සිටියේ බ්‍රිතාන්‍ය යුගයේ ලියන ලද ඉන්දීය හා ලංකා ඉතිහාසය තුළ ඒ රටවල ජනයා භේද භින්න වන ආකාරයට ඒ ඉතිහාසය ලියා ඇති බවත් ඒ තුළ ඔවුන් 'ආර්ය' කියා විශේෂ මානව වර්ගයක් ගැන අදහස හඳුන්වා දුන් ආකාරයත් එකී මානව වර්ගය ද්‍රවිඩ මානව වර්ගයෙන් සපුරා වෙනස් එකක් ලෙස හඳුන්වා දුන් ආකාරයත්. එහිදී මා තව දුරටත් පෙන්වා දුන්නේ ඉන්දු ආර්ය කියා හැඳින්විය හැකි භාෂා පවුලක් ඇති මුත් එනමින් හැඳින්විය හැකි සුවිශේෂ මානව වර්ගයක් නැති බවයි. තව ද ඉන්දියානු ඉතිහාසඥයින් අදවනවිට මෙකී යටත් විජිත ඉතිහාසකරණය දැඩිව ප්‍රශ්න කරන බවත් තවදුරටත් ඔවුන් ඉන්දියාවට 'ආර්ය' කියා මානව වර්ගයක් ආවාය කියා තම සිසුන්ට නො උගන්වන බව හා එය බ්‍රිතාන්‍යයන් අතින් සිදු වූ වරදක් ලෙස ඔවුන් දකින බව. ඒ වෙනුවට අදටත් ලංකාවේ නම් ආර්යයන් කියා ද්‍රවිඩයන්ට ප්‍රතිපක්ෂ මානව වර්ගයක් විසින් මුල් ජනාවාස ඉදි කළාය යන අදහසත් ඔවුන්ගෙන් සිංහලයන් පැවත එනවාය කියාත් පංතිකාමරවල උගන්වන බවත් පෙන්වා දුන්නා.

ඒ අදහසේ ම සිටිමින් මම පොදුවේ මයියා, සත්‍යයේ කාන්තාරය හා පෙරමුණේ රා ඉදිරිපත්කරන සිංහලයන්ගේ ආරම්භයට අදාල අදහස සමඟ මම ද එකඟ වෙනවා. එනම් අද සිංහල ලෙස හැඳින්වෙන ජන පිරිස පැවත එන්නේ ප්‍රධාන වශයෙන්ම දකුණු ඉන්දීය සම්භවයක් සහිත මානව සමූහයකින්ය මිස උතුරු ඉන්දියානුන්ගෙන් නොවේය කියන අදහස සමග. ඒත් ඔවුන් පැවත එන්නේ ද්‍රවිඩ මූලයකින් කියාවත් ද්‍රවිඩ ජානවලින් කියාවත් මා කියන්නේ නෑ. ඒ ද්‍රවිඩ යනු භාෂා පවුලක් හැඳිවෙන නමක් මිස මානව වර්ගයක් හැඳින්වෙන නමක් නොවන නිසා. ඒ වගේම පෙර කී භාෂා මූලයට අයත් භාෂා බිහි වීමට පෙර අද ලංකාව ලෙස හැඳින්වෙන දිවයින් භූමිය තුළ මානවයින් ජීවත් නොවුණාය කියා මා විශ්වාස නොකරන නිසා. එසේම මෙයින් වසර විසිපන් ලක්ෂයත් දොළොස් දහසත් අතර පැවති ප්ලයිස්ටෝසීන භූ යුගය තුළ වරින්වර මුහුදු මට්ටම අද තියෙන තත්ත්වයට වඩා ඉහල පහල ගිය තත්ත්වයක නූතන ලංකාව ලෙස හැඳින්වෙන දූපත භූමියෙන් අර්ධද්වීපික ඉන්දියාව සමඟ සම්බන්ධව පවතින්නට ඇති නිසා සහ එවකද මිනිසුන් එහාමෙහා සංක්‍රමණය වන්නට ඇති නිසා. උදාහරණ ලෙස මෙයින් වසර 18000 කට පෙර මුහුදු මට්ටම අදට වඩා අඩි 400කට ආසන්න ප්‍රමාණයකින් පහල මට්ටමක පැවතීම උදාහරණ ලෙස දැක්විය හැකියි. මේ වනවිට ද්‍රාවිඩ කියා හැඳින්විය හැකි භාෂාවක් බිහිව නොතිබෙන්නට ඇති බැවින් 'සිංහලයන් පැවත එන්නේ ද්‍රවිඩ මූලයකින්' ය කියා කීම තුළ නැවත වතාවක් සිංහලයන් ලෙස හැඳිවෙන ජන කොටසේ බිහිවීම සීමිත සංස්කෘතික යුගයකට සීමා කෙරෙන නිසා. එනයින් මම පෙරමුණේ රාල ගේ අදාල කියමන සමග එකඟ වෙන්නේ නෑ.

දෙවැනි වැදගත් කරුණු දෙකක් ලෙස මා දකින්නේ 'ඒ හැර සිහළ බස නෑකම් දකවන්නේ කන්නඩ, මලයාලම් හා බෙංගාලි බසටය කියා පෙරමුණේ රාල කරන ප්‍රකාශය. සිංහලයේ භාෂා ඉතිහාසය ගැන හදාරා අදහස් පළකළ උගතුන්වන රඹුක්වැල්ලේ සිද්ධාර්ථ හිමි, මොහම්මද් සහිදුල්ලා, සෙනරත් පරණවිතාන ඩී. ජේ. විජේරත්න වැනි අයගේ අදහස් අනුව සිංහලය පැහැදිලිව බෙංගාලි හෝ බටහිර ඉන්දීය සම්බන්ධයකින් හටගෙන ඇත කියා තීන්දු කරන්න බෑ. එයින් සමහරෙක් නැගෙනහිර ඉන්දියානු සම්බන්ධය වැඩිබව ප්‍රකාශ කරන අතර ඇතැමෙක් බටහිර ඉන්දීය ලක්ෂණ සිංහලය තුළ වැඩිබව සෙල්ලිපි සාධක පදනම් කරගනිමින් කියා සිටිනවා. මෙබඳු තත්ත්වයක් යටතේ සිංහලය බෙංගාලි බසට වැඩි නෑකම් දක්වන්නේ යැයි පෙරමුණේ රාල පවසන්නේ අලුත්ම පර්යේෂණ මත පිහිටා විය යුතුයි කියා හිතනවා. ඔබේ නිගමනයට පාදක වූ ඒ අළුත් මූලශ්‍රයන් දක්වන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා.

අනෙක් අතට සිංහල භාෂාව කන්නඩ, මලයාලම් භාෂාවලට නෑකම් දක්වන බව කීවත් අක්ෂර සටහනට අමතරව කිසිම භාෂාමය උදාහරණයක් පෙරමුණේ රාල දක්වා නෑ. එවනි උදාහරන ඇත්නම් ඔබගේ කීම වඩාත් ශක්තිමත් වෙන්නට තිබුණා. ඉදිරියේ දී එබඳු භාෂාමය සාධක මගින් තම මතය ශක්තිමත්ව ඉදිරිපත් කරාවි කියල හිතනවා.

අක්ෂර වශයෙන් සිංහල අක්ෂර අන් දකුණු ඉන්දීය අක්ෂර සමඟ සම විසමවන ආකාරය දැක්වීමට සාධක ලෙස පෙරමුණේ රාල දක්වා ඇත්තේ ඒ ඒ භාෂාවලට අයත් නූතන මුද්‍රණ අකුරු හෝඩි ඇතුලත් සටහනකි. සිංහල අක්ෂර වඩාත් ආභාෂය ලබා ඇත්තේ කවර හෝඩියකින්ද යන්න නූතන මුද්‍රණ අකුරු හෝඩිමත සලකා තීරණය කිරීම අශාස්ත්‍රීය බව කරුණාවෙන් පෙන්වා දෙන්න කැමතියි. එසේ ආභාෂය ලබා ඇත්තේ කවර හෝඩිවලින්ද යන්න තීරනය කළ යුත්තේ ඒ ඒ අක්ෂර හෝඩිවල ඒ ඒ අකුරු ඒ ඒ ශතවර්ෂයන්හි පැවති තත්ත්වය (සෙල්ලිපි, රන්පත්, තඹපත් වැනි) අභිලේඛන වලින් හෙළිවන සාධක සැලකිල්ලට ගෙනයි. එම විකාශය සැලකිල්ලට නොගෙන හුදෙක් නූතන මුද්‍රණ අක්ෂර පමනක් සැලකිල්ලට ගෙන සිංහල අක්ෂර ආභාශය ලබා ඇත්තේ අසවල් අක්ෂරවලින්ය කියා නිගමණය කිරීම අශාස්ත්‍රීය බව පමණක් මම මෙහි සඳහන් කරනවා. ඒ හැර මෙකී විශය සම්බන්ධව කෙරුණු වටිනා පර්යේෂණ ගණනාවක් තිබෙනවා. මහාචාර්ය පී.ඊ.ඊ. ප්‍රනාන්දු විසින් 'University of Ceylon Review' සඟරාවට 1940 දශකයෙ ලියූ ලිපි දෙක මේ අතින් කෙරුණු පැරණිම වටිණා පර්යේෂණය ලෙස සැලකිය හැකි අතර මෑතම කාලයේ මේ සම්බන්ධයෙන් කෙරුණු පර්යේෂණය සිදු කළේ ඔක්කම්පිටියේ පඤ්ඤාසාර කියන හාමුදුරුවෝ පූනා විශ්වවිද්‍යාලයේ ඩෙකෑන් කොලේජ් නම් ආයතනයට තම ආචාර්ය උපාධිය ලෙස. මේ හැර ජයසිරි ලංකාගේ තම ආචාර්ය උපාධියට හදාරා ඇත්තේත් සිංහල අක්ෂර විකාශයයි. තවදුරටත් ආචාර්ය බන්ධුසේන ගුණසේකරත් මේ ගැන ලිපි ලියා තිබෙනවා. ඒ නිසා නූතන මුද්‍රණ අකුරු මත නොයැපෙමින් සිංහල අක්ෂර විකාශය කෙරෙහි බලපා ඇත්තේ කවර සංස්කෘතීන්ද යන්න මේ පර්යේෂණ ආශ්‍රයෙන් කෙනෙකුට හඳුණාගත හැකියි. ඒ නිසා ඔබතුමා සිංහල බස නෑකම් දකවන්නේ 'කන්නඩ, මලයාලම්' භාෂාවලටය යන්න ශක්තිමත් සාධක දක්වමින් පෙන්වා දෙනු ඇතැයි අපෙක්ෂා කරනවා.

තව දුරටත් ඔබ සත්‍යයේ කාන්තාරය බ්ලොග් සහෘදයාට පිළිතුරු සපයමින් කියා සිටිනවා '... බුදු දහම දෙසුනේ හා ලියැවුනේ පාලි බසිනි' කියා. මෙය ද අවසන් නිගමන වාක්‍යයක් (absolute statement). නමුත් අද පිළිගන්නා ආකාරය වන්නේ බුදු දහමට අයත් ඉගැන්වීම්වල පැරණිම ස්වරූපය ආරක්ෂා වී ඇත්තේ පාලි ලෙස හඳුන්වන භාෂාවෙන් වන අතර බුදුන්වහන්සේ තමන් ජීවත් වූ සමකාලීන ගංගා යමුණා තැන්නේ පැවති විවිධ භාෂා, උප භාෂා මගින් තම අදහස් ප්‍රකාශ කරන්නට ඇති බවත් උන්වහන්සේ පිරිණිවන් පෑ පසු සංගීතිකාරක භික්ෂූන් එකී විවිධ භාෂා, උප භාෂාවලින් පැවති ඉගැන්වීම් ඉදිරියට කටපාඩමින් පවත්වාගෙන යා හැකි ලෙස එක් ස්වරූපයකට සකස් කොට සංග්‍රහ කරන්නට ඇති බවත් එය අද 'පාලි' භාෂාව ලෙස හැඳින්වෙන බවත්. ත්‍රිපිඨකය තුළින්ම මේ විවිධ භාෂා ලක්ෂණ මතුව පෙනෙන ආකාරය නූතන පර්යේෂණ මගින් පෙන්වා දී තිබෙනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුර දැනගැනීමට කියවන්න මහාචාර්ය වල්පොළ රාහුල හිමි විසින් ලියන ලද 'Pali as a Language for transmitting an Authentic Religious Tradition' නම් ලිපිය. එය පළව තිබුනේ Humour in Pali Literature and Other Essays by Walpola Rahula නමින් යුතුව පළ වී තිබූ ලිපි එකතුවේයි.

මේ හැර පෙරමුණේ රාල 'අනුරාධපුරයේ කරන කැනීම් වලදී දක්ෂිණ බ්‍රාහ්මී අක්ෂර සහිත පුරාවස්තු සොයා ගෙන ඇති අතර ඒවා ක්‍රි .පූ. 5 – 8 වන සියවස දක්වා දිව යයි' ලෙස පවසනවා. මා දන්නා ප්‍රමාණයට දැරණියගල විසින් අනුරාධපුර ඇතුළුනුවර කළ කැණීම් වලදී හමු වූ බ්‍රාහ්මී අකුරු කිහිපයක් සහිත මැටි බඳුන් කැබැල්ලයි ලංකාවේ ලිවීම සම්බන්ධ පැරණිම සාධකය වන්නේ. නමුත් එහි දාතම ක්‍රි.පූ. 5-6 සියවස් ඉක්මවා යන්නේ නෑ. දිනය තීරණය කර ඇත්තේ රේඩියෝ කාබන් ඩේටින් ක්‍රමයටයි. ඔබ එය ක්‍රි පූ 8 වැනි සියවස තරම් ඈත කාලයකට අයත් කර තිබෙනවා. මා ඇතුළු කියවන්නන්ගේ දැනගැනීම සඳහා ඔබගේ මූලාශ්‍රය කුමක් දැයි දක්වන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා. අනෙක් අතට මේවා 'දක්ෂිණ බ්‍රාහ්මී' කියා හඳුන්වා ඇත්තේ ඇයි ද කියාත් දැනගන්න කැමතියි.

මීළඟට ඔබ මතු කරන කරුණක් වන්නේ "දමිළ බස සමග [සිංහල බසෙහි] ඇති සමීප තාවය ඉතා අඩු බව උක්ත අකාරාදි දෙස බැලීමෙන් වටහා ගත හැකි වනු ඇත" යන්නයි. මා පෙන්වා දී ඇති පරිදි නූතන මුද්‍රණ අකුරු මතපදනම්ව එබඳු නිගමණයකට එලඹීම අශාස්ත්‍රීයයි. ඒ වගේම අකුරු සටහනක් මත පමණක් පදනම්ව මුළු සිංහල භාෂාවම දෙමළ බසට දක්වන සමීපතාවය අල්ප බව කීම ද අශාස්ත්‍රීය බව මගේ හැඟීමයි. මක් නිසාද භාෂාවක් යනු අක්ෂර හෝඩිය නොවන නිසා.

ඒ හැර සිංහල දෙමළ සංස්කෘතික සම්බන්ධතා මගින් ඒ එකිනෙක ජාතීන් ලබා ඇති කිසිම සංකෘතික, භාෂාමය පෝෂණයක් පිළිබඳ කිසිම සාධකයක් ඔබේ ලිපිය තුළින් දක්වා නෑ. මේ නිහඬබව වඩාත් වැදගත් වන්නේ සිංහලය අභාශය ලබා ඇත්තේ කන්නඩ, මලයාලම් හා බෙංගාලි භාෂාවලින්ය කියා කියා හිටින තත්ත්වයක් තුළයි. එකී ප්‍රකාශය තහවුරු කිරීමට කිසිම සාධකයක් (නූතන මුද්‍රණ අකුරු හෝඩිය හැර) ඉදිරිපත් නොකරන තත්ත්වයක් තුළයි.

නමුත් සිංහල දෙමළ සංස්කෘතික සම්බන්ධතාවල ඉතිහාසය බොහෝ ඈත කාලයක් හා සම්බන්ධවන්නක්. එය ප්‍රකට ලෙස ලිවීම පිළිබඳ තොරතුරු ලැබෙන ක්‍රි පූ 3-2 සියවස්වල සිටම දක්නා ලැබෙයි. භික්ෂූනට ලෙණ් තනා පූජා කිරීම් පිළිබඳ වාර්තා ලියා ඇත්තේ සිංහල භාෂාවේ මූලික අවස්ථාවක් වන සිංහල ප්‍රාකෘතයෙන් වන අතර ඒවා පිදූවන්ගේ නම් ද ප්‍රාකෘත සම්බන්ධයක් පිළිඹිබු කරන 'තිශ, ශුමණ, මිත වැනි ස්වරූපයක්ගනියි. එහෙත් එසේ ලෙණ් පිදූවන්ගෙන් සැලකිය යුතු තරම් දෙනෙක් සමාජ තත්ත්වයෙන් අයත් වන්නේ 'පරුමක' යන විරුදය දැරූවන් අතරටය. පරණවිතාන මහතා විසින් සංග්‍රහ කරන ලද ක්‍රි පූ 3-1 සියවස්වලට අයත් ලෙණ් ලිපි 1134 අතුරින් 374 ක් කරවා ඇත්තේ පරුමක වරුන්. (Inscriptions of Ceylon Vol. I, 1970, pp.lxxiv - lxxxvi). පරුමක යන තත්ත්ව නාමය දැරූ ඔවුන් ඊට අමතරව "සේනාපති (ශෙනපති), භාණ්ඩාගාරික (බඩගරික), ඇමති (අමත) හා විවිධ අධ්‍යක්ෂ (අදෙක) තණතුරු දැරූ එවක සමායේ ඉතා ඉහල තත්ත්වයක් හෙබවූවන්. 'රජ' යන තත්ත්වය හෙබවූවන්ට පසුව සමාජයේ සිටි ඉහල ම ප්‍රභූ ජනපිරිස ලෙස පෙනෙන්නේ 'පරුමක' තත්ත්වය හෙබවූවන්. පරණවිතානට අනුව මොවුන් "උතුරු ඉන්දියාවේ සිට පැමිණ ලංකාවේ මුල් ජනාවාස ඉදිකරගත් ආර්යයන්ගේ නායකයන්ගෙන් පැවත එන්නන් විය හැකි අතර.. පරුමක යන පදය සංස්කෘත භාෂාවේ 'ප්‍රමුඛ' යන්නේ ද පාලි භාෂාවෙන් 'පමුඛ' හෝ "පාමොක්ඛ' ලෙස යෙදෙන පදයේ ද පැරණි සිංහල රූපයයි." (ibid, p. lxxiv).

පෙරකී ලෙණ් ලිපි 374න් 8ක් තනා පූජාකොට ඇත්තේ කාන්තාවන්. ඒ අය තම තත්ත්ව නාමය ලෙස 'පරුමක' යන්නෙහි ස්ත්‍රී ලිංග පදය ලෙස යොදා ඇත්තේ " පරුමකළ" හෝ 'පරුමකළි' යන්නයි. පරණවිතාන මහතා කියන ආකාරයට 'පරුමක' යන්න ඉන්දු ආර්ය භාෂා මූලයකින් එනම් 'ප්‍රමුඛ/පාමොක්ඛ' යනපදවලින් ආරම්භ වීනම් එහි ස්ත්‍රී ලිංග පදය 'පරුමකළ' ලෙස සැකසෙන්නේ කෙසේ දැයි විස්තර කළ යුතුයි. නමුත් ඔහු එය විස්තර කර හෝ එය ප්‍රශ්නයක් ලෙස සලකා නැත. මාගේ භාෂා දැනීම අනුව ඉන්දු ආර්ය භාෂා මූලයකට සම්බන්ධ කිසි භාෂාවක පුරුෂ ලිංග නාම පදයක් ස්ත්‍රී ලිංගයට හැරවීමේදී එහි මුල් රූපයේ අගට 'ළ' කාරයක් එක්කරනු ලබන්නේ නෑ. මේ ගැටළුව මා පළමුවෙන් ම හඳුණාගත් මොහොතේ එය කීර්තිමත් වාග්විද්‍යා මහාචාර්යවර්යෙකු වූ ඩබ්. එස්. කරුණාතිළක වෙත යොමු කළා. පැය කිහිපයක් තිස්සේ කරන ලද හැදෑරීම් වලින් පසු එතුමා පහත මූලික අදහස් කීපය ඉදිරිපත් කළා.

1. 'පරුමක' යන්න ඉන්දු ආර්ය මූලයකින් ඇරඹි පුරුෂවාචී නාමපදයක් නම් එහි ස්ත්‍රී ලිංග නාම පදය විය යුත්තේ 'පරුමකී' හෝ ඊට කිට්‍ටු පදයක්.

2. පරුමක' යන්න ඉන්දු ආර්ය මූලයකින් හටගත්තේ වී නම් එහි ස්ත්‍රී ලිංග පදය කිසි ලෙසකින්වත් 'පරුමකළ' ලෙස හෝ ඊට සමාන රූපයකින් පිහිටන්නේ නෑ.

3. සකු මූලයකින් 'පරුමක' යන්න ඇරඹුණාට වඩා දෙමළ 'පෙරුමකන්' යන්නෙන් එය ඇරඹුණා යැයි සිතීම වඩා තර්කානුකූලබව. ඒ සකු 'ප්‍රමුඛ' යන්න තුන්හතර දෙනෙකු අතර සිටිනා ප්‍රමුඛ/කැපී පෙනෙන පුද්ගලයෙකු සම්බන්ධයෙන් වුව යෙදිය හැකි පදයක් වන අතර එය අත්‍ය්‍යන්තයෙන්ම සමාජයක ප්‍රභූත්වයක් ප්‍රකාශ නොකරන බැවිණි. එහෙත් දෙමළ 'පෙරුමකන්' යනු නිසැකවම කිසියම් සමාජයක ජීවත්වන 'සම්භාවනීය' 'ප්‍රභූ පුද්ගලයෙකු අදහස් වන බැවිණි. පෙර දැක් වූ සෙල්ලිපි 374 තුළ ප්‍රකාෂවන්නේ ඒ ඒ සෙල්ලිපි ලැබුණු ප්‍රදේශ වල ඒ ඒ කාලවල ජීවත් වූ රජුන්ට පසුව සිටි සම්භාවනීයම පිරිස වන බැවින් අර්ථය වසයෙන් සැලකීමේ දී 'පරුමක' දෙමළ 'පෙරුමකන්' යන්නෙන් ඇති වූ පදයක් ලෙස සැලකීම වඩාත් යෝග්‍ය බව.

4. දෙමළ 'පෙරුමකන්' යන්නෙහි ස්ත්‍රී ලිංග පදය වන්නේ 'පෙරුමකළ්' (මෙය ලියන්නේ 'පෙරුමකළ්' කියා වුවත් උච්ඡාරණය කෙරෙන්නේ 'පෙරුමැහැළ්' කියායි) ය. එය වංශවත් කාන්තාව, ආර්යාව වැනි තේරුමක් ගෙනදේ. පරුමකළ/ළි යන ස්ත්‍රී ලිංග පදය සඳහා 'ළ' කාරයක් පැමිණීම සිදු වූ ආකාරය මෙයින් විසඳේ. එනම් දෙමළ බසෙහි ඇති 'පෙරුමකළ්' යන්නෙන් 'පරුමකළ/ළි' යන පද සකස් වී ඇති බවයි.

ඒ අනුව එතුමා නිගමනය කළේ පෙර කී පරුමක යන්න දෙමළ පෙරුමකන් යන්නෙන් ආරම්භ වූවක් බවයි. (මෙයින් නොබෝ කලකට පසු දැන ගන්නට ලැබුණු පරිදි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා මහාචර්ය සුදර්ශන් සෙනෙවිරත්න ද තවත් උගතුන් කිහිප දෙනෙක් ද මේ අදහසම තම පර්යේෂණ ලිපි වලින් ඉදිරිපත් කර තිබෙනවා)

මේ කරුණ ඉතා වැදගත් වන්නේ අපට ලිඛිත සාධක මත ඉතිහාසය ගොඩනැංවීමට පළමුවෙන් ම අවස්ථාව ලැබෙන ක්‍රි පූ. 3-2 සියවස තරම් කාලයේ සිටම සිංහල දෙමළ සම්බන්ධතාවල තොරතුරු හෙළිවන බැවිනි. එවන් සහ සම්බන්ධයක් සංස්කෘතික ආභාෂයක් එවක නොවී නම් සහ එකී සම්බන්ධතාවයේ ස්වරූපය උසස්, ගෞරවණීය එකක් නොවී නම් පෙර කී දෙමළ මූලයක් සහිත පදයක් එවක සමාජයේ සිටි ප්‍රභූන් තම තත්ත්වය ප්‍රකාෂ කිරීම සඳහා භාවිතා කරන්නේ නෑ.

මේ සහසම්බන්ධය තවදුරටත් තහවුරු වෙනවා ක්‍රි ව පළමු වැනි සියවසට අයත් සේ දාතම තීරණය කරන ලද කූටකණ්ණතිස්ස රහුගේ රජගල පර්වත ලිපියෙන්. එහි එකී රජුව හඳුන්වා ඇත්තේ "...දෙවනපිය මහරඣහ මරුමකණකහ පුටකණ ගමනි අබයහ..." ලෙසින්. (Inscriptions of Ceylon, Vol. II, Part I, 1983, pp. 2-4). මෙහි "මරුමකණක" යනු දෙමළ "මරුමකණ්'' යන පදයයි. අර්ථය මුණුබුරා යන්නයි. ඇත්තවශයෙන් ම අදත් අපි සිංහලයේ භාවිතා කරන මුණුබුරා යන පදය මෙකී දෙමළ 'මරුමකණ්' යන්නෙන් මිස ඉන්දු ආර්ය මූලයකින් ආරම්භ වූවක් නොවන අතර එය සිංහල භාෂාවට පැමින ඇත්තේ ක්‍රි ව පළමු සියවසටත් පෙර කාලයක දී බව ඉහත සාධකයෙන් පේනවා.

මා මෙහි දක්වා ඇත්තේ දාතම තීරණය කරන ලද සෙල්ලිපිවලින් ලැබෙන සාධක ඔස්සේ සිංහල දෙමළ යහපත් සම්භන්ධතාවල ඉතිහාසය කොතරම් ඈතකට දිවෙනවා ද යන්නයි. මේ සම්බන්ධය තවදුරටත් සෙල්ලිපි ආශ්‍රයෙන්ම තහවුරු කළ හැකියි. පාලකයා හැඳින්වීම සඳහා භාවිතා වූ "මහරජ" යන්න ක්‍රමයෙන් සෙල්ලිපිවලින් බැහැරව ගොස් ඒ වෙනුවට "මපුර්මුකා" 'මපුරුම්' වැනි පද භාවිතයට පැමිණීම ක්‍රි ව 4-5 සියවස්වල සිට දක්නා ලැබෙනවා. 8, 9, 10 සියවස් වන විට මේ තත්ත්වය ප්‍රබලවම දැකිය හැකියි. ඒ හැර ලංකාවේ ප්‍රාදේශීය පාලනයට සහ සම්බන්ධ වූ නිළධාරී තණතුරු නාමයන් විශාල ප්‍රමාණයක් ද දෙමළ සම්භවයක් ඇති ඒවා බව අත්තාණි කණු ලෙස හැඳින්වෙන ටැම්ලිපි සාධකවලින් පෙනෙනවා. (මේ සඳහා බලන්න: Inscriptions of Ceylon, Vol. V, Part I and II).

මේ හැර සිංහල භාෂාව තුළ අද දක්නා ලැබෙන දෙමළ ආභාෂය ඇති වචන කිසිවක් මෙකී සිංහල දෙමළ සම්බන්ධයට සාධක ලෙස ඉදිරිපත් නොකරන්නේ එකී වචන සිංහල බසට ඇතුලත් වූ කාලය නිෂ්චිත ලෙස ප්‍රකාෂ කිරීමට සාධක නොමැති නිසයි. නමුත් එබඳු විශාල වචන ප්‍රමාණයක් අපි සියළුදෙනාම අද වෙද්දීත් භාවිතා කරන බව පමණක් මම මෙහි සඳහන් කරනවා. ඒ අනුව පෙරමුණේ රාල යෝජනා කරන ප්‍රමාණයට වඩා සිංහල දෙමළ සම්බන්ධය ප්‍රබල හ දැඩි බව පෙනෙන අතර එය ඉතා ඈත අතීතයක් හා සහ සම්බන්ධ වන බවද තහවුරු වෙනවා.

මා මේ ඉදිරිපත් කර ඇති ආකාරයටම සිංහල භාෂාව/ සංස්කෘතිය කණ්ණඩ හා මලයාලම් භාෂා/සංස්කෘතීන්ගෙන් පෝෂණය ලබා ඇති ආකාරය සාධක සහිතව පෙරමුණේ රාල විසින් ඉදිරිපත් කරාවි කියා බලාපොරොත්තු වෙනවා. එය එතුමා වෙත කරන අභියෝගයක් නොවන අතර මා එම ඉල්ලීම කරන්නේ මා ද ඇතුළු මේ කියවන හැමගේ ම දැනුම් පරාසය පුළුල් කර ගැනීමටත් අද සිංහල කියා හඳුන්වන අපගේ සංස්කෘතික පෝෂණයේ ව්‍යාපතිය පිළිබඳ දැනුම ඉන් තව දුරටත් පුළුල්වන නිසාත්.


මා මුලින් ම පෙන්වා දුන් පරිදි මාගේ කිසිම උනන්දුවක් නෑ සිංහලයන්ගේ ආරම්භය මොකක් ද කියා හොයා බලන්න. එහෙම නම් මේ සමස්ථ ලිපියේ ම අරමුණ කුමක් ද? මෙහි අරමුණ මා මෙතෙක් බ්ලොග් අඩවිය තුළ ලියූ ලිපි හැම එකකින් ම වාගේ මතු කිරීමට උත්සාහ කළ මූලික තර්කයන් තවදුරටත් ඉදිරියට ගෙන යාමයි.

එනම්:
1. ඉතා සංකීර්ණ තත්ත්වයන් හා විවිධ 'සත්‍යයන්' පවතිද්දී 'එක් තනි හේතුවක්' හා එක් 'මහ සත්‍යයක්' අප සියල්ලන් තුළ ස්තාපිත කිරීමට ඇති නැමියාව පෙන්වා දීම සහ ඒ තුළින් මතුවන චින්තනයේ ඇති වරද පෙන්වා දීම. එසේ වූ 'මහා සත්‍යයක්' පිළිබඳ අදහස හා 'එක් මහ හේතුවක්' පිළිබඳ අදහස මිත්‍යාවක් බව පෙන්වා දීම. මේ අදහස මම මීට පෙර ඉදිරිපත් කළා 'පිටස්තරයා හා පිටස්තරයාගේ ලොකයියා' නම් ලිපියට ලියූ කොමෙන්ට්ස්වල හා 'පිටස්තරයාගෙ පිළිතුරුයි මේ' යන ලිපියේ අවසාන හරියේ දී. සිංහලයන්ගේ ආරම්භය සම්බන්ධයෙන් ඉදිරිපත්වන අදහස් තුළත් මේ 'මහ සත්‍යය' හා 'මහා හේතුව' පදනම් කරගත් චින්තනය දකින්න පුළුවනි.

අදත් පාසැල්වල උගන්වන ලංකා ඉතිහාසය පාඩම් මාලාව ආරම්භ වන්නේ 'ලංකාව ආර්ය ජනාවාසයක්වීම' නම් පාඩමෙන්. එහි දී උගන්වනවා 'උතුරු ඉන්දියාවට ක්‍රි පූ 1500 ත් 1000ත් අතර කාලයේ ස්ටෙප්ස් තණබිම් ප්‍රදේශවල සිට සංක්‍රමණය වූ 'ආර්ය' නමින් හැඳින්වෙන සුවිශේෂ ජන පිරිසක් එහි ශිෂ්ටාචාරය බිහි කිරීම හා එකී ජන පිරිස්වලින් පැවත එන්නන් ක්‍රි පූ 600 දී පමණ ලංකාවට පැමිණ කලාඔය, මල්වතු ඔය, මහවැලි ගඟ, කිරිඳි ඔය ආදී ගංගා ආශ්‍රය කරගෙන 'මුල්ම ජනාවාස' ඉදිකර ගැනීම ගැන. මේ 'මහ කතාවට' අනුව මානව වර්ගයක් ලෙස මේ පාඩම ඉගෙන ගන්නා සිංහල දරුවා අයත් වන්නේ උතුරු ඉන්දියානු මානව වර්ගයකට. ඔහු දකුණු ඉන්දියානු සම්භවයක් සහිත මානවයන්ගෙන් සපුරා වෙනස්. ඔවුන් සමඟ කිසි සම්බන්ධයක් නෑ. එහෙයින්ම තම රටේ ම වෙසෙන දකුණු ඉන්දියානු සම්භවයක් සහිත 'දෙමළ' ශිෂ්‍යයා තමන්ගෙන් ජානමය වසයෙන් ම හරිම වෙනස් අමුත්තෙක්, 'පිටස්තරයෙක්'.

මේ පාඩම්වලට අනුව සිංහල භාෂාව ඉන්දු ආර්ය භාෂා පවුලට අයත් එකක් වීම පෙර කී සිංහලයන් 'උතුරු ඉන්දීය සම්භවයක් සහිත ආර්ය මූලයකින් පැවත එනවා' ය යන අදහස තහවුරු කරන්නක්. ඒ ඉගැන්වීම තුළ අවුරුදු දහසක් පමණ කාලයක් තිස්සේ භාෂාවක් සාමාන්‍ය ජනයා අතර පවතින විට එය විවිධ මානව වර්ගයන් අතර පැතිරෙනවාය යන සංකීර්ණ සත්‍යය වත් අවුරුදු දාහක් දෙදාහක් කිසිම මානව වර්ගයක් අමිශ්‍ර ශුද්ධ මානව වර්ගයක් ලෙස නොපවතිනවාය යන සංකීර්ණ සත්‍යයවත් පාසැල් දරුවන්ට කියා දෙන්නේ නෑ.

මාගේ විචාරයට ලක් වූ පෙරමුණේ රාලගේ ලිපිය මෙයින් මදක් වෙනස්. ඔහු ලාංකීයයන් පෙර දැක් වූ ආකාරයේ උතුරු ඉන්දීය මානව වර්ගයකින් පැවත එනවාය යන්න පිළිගන්නේ නෑ. ඒ වෙනුවට ඔවුන් දකුණු ඉන්දීය මානව වර්ගයකට අයත් ය යන්න පිළිගන්නවා. මෙය ඉතා දියුණු ආස්තානයක් ලෙස මා සලකනවා.

නමුත් ඔහුට අනුව සිංහල ජාතිය දෙමළ භාෂාවෙන් ලබපු ආභාෂය ඉතාම අල්පයි. ඒ වෙනුවට ආභාෂය ලබා ඇත්තේ කණණඩ, මලයාලම් හා බෙංගාලි භාෂාවලින්. මෙයත් මා සලකන්නේ මා මුලින් පෙන්වා දුන් එක් මහ කතාවක්' එක් 'මහ හේතුවක්' ඉදිරිපත් කරන චින්තනයේ ම දිගුවක් ලෙසට. තව දුරටත් සිංහලයන් උතුරු ඉන්දීය මානව වර්ගයකට අයත් නොවේ යැයි පිලිගන්නා අතරම නැවත වරක් දෙමළාගෙන් වෙනස් වූ මානව වර්ග සමග, සංස්කෘතීන් සමඟ සම්බන්ධ බව කියා පෑම. මේ පෙන්වා දුන් අදහස්වල කැපී පෙනෙන කරුණක් වන්නේ සිංහලයා දෙමළාගෙන් නම් වෙනස්ය යන්න තහවුරු කිරීමයි. මා විසින් ලියන ලද ඉහත ලිපිය තුළ පෙන්වා දුන්නේ ඒය එසේ නොවන් බවයි. එහෙත් සිංහලයන්/ සිංහල භාෂාව/සංස්කෘතිය කණ්ණඩ හෝ මලයාලම් හෝ බෙංගාලි භාෂා සංස්කෘතිවලින් ද පෝෂණය ලබා තිබෙනවා යැයි පිළිගැනීමට මගේ කිසි අකමැත්තක් නෑ. ඒ මම තනි හෙතුවක් හෝ තනි සත්‍යයක් පිළි නොගන්නා නිසා. නමුත් එකී අදහස සාධක සහිතව පෙන්වා දිය යුතුයි.

1.1 ඇයි අප 'තනි සත්‍යයක් ගැන, 'තනි හේතුවක්' ගැන කියන චින්තනයට එරෙහි වියයුතු?

1.1.1 ඒ එය කරුණු වසයෙන්ම වැරදි නිසා

1.1.2 එය මිනිසුන් ජාතීන් වසයෙන්, ආගම් වසයෙන්, කුළ වසයෙන් හා ප්‍රදේස වසයෙන් බෙදා වෙන් කිරීමට හේතුවන නිසා. ඒසේ බෙදා වෙන් කිරීමට අවශ්‍ය චින්තනය සමාජයක් තුළ පැවතීම/ පවත්වාගෙන යාම බලය පිළිබඳ හීන මවන/ මේ වෙද්දීත් බලය ලබාගෙන සිටින නායකයින්ට තම පැවැත්ම තහවුරු කර ගැනීමට සරු පසක් නිර්මාණය කරන නිසා. (මේ ගැන කියවන්න ජනිත්)

1.1.3 එයින් ප්‍රශ්න සංකීර්ණව තේරුම් නොගන්නා ජන සමාජයක් බිහිවන නිසා. ඒබඳු ජනසමාජයක් නිතරම එක් 'මහ හේතුවක්' පෙන්වා ‍රැවටිය හැකි නිසා. උදා: ලංකාවේ සියළු ප්‍රශ්නවලට හේතුව එල් ටී ටී ඊ ත්‍රස්තවාදයයි. මෙතැන 'මහ හේතුව' එල් ටී ටී ඊ ත්‍රස්තවාදයයි. දැන් එකී මහ හේතුව නැති නිසා ප්‍රශ්න ඔක්කෝම ඉවරයි කියා හිතන්න පුළුවන් ද කියා එතකොට කෙනෙක් අසාවි. එයට ලැබෙන පිළිතුර නම් "මොන පිස්සු ද? ඇයි අර බටහිර ජාතීන් ඉන්නේ". ව්මල් වීරවංස රඟ පෑ විකට රංගනය තේරුම් ගත යුත්තේත් එකී රංගනයේ අවසන් ජවනිකාවතුළ රටේ විධායක ජනාධිපතිවරයා අදාල රංග ශිල්පියා ඉදිරියේ දනගසා 'කට පැන් වත් කිරීමත්' තේරුම්ගතයුත්තේ මේ සන්ධර්භය තුළයි. ඇත්තවශයෙන්ම ජනාධිපති තුමා වීරවංස ලඟ දනගැසිය යුතුයි. මක්නිසාද 'අළුත් මහ හේතුවක්' තනා දීමට ඔහු කළ මෙහෙය අගය කිරීමට පමණක් නොව එම ගොඩනැංවීමට තමන් ද දායක වීම වැදගත්වන බැවිනි.

2. 'ඉතිහාස විශයය' යනු මූලාශ්‍රය මත පදනම් වෙමින් සාකච්ඡා කළ යුතු විශයයක් විනා හිතළු ඉදිරිපත් කළ හැකි විශයයක් නොවේ ය යන කරුණ පෙන්වා දීම මේ ලිපියේ තව අරමුණක්. මා සිංහල දෙමළ සම්බන්ධය සාකච්ඡා කළේ මූලාශ්‍රයයන් පදනම් කරගෙන පමණයි. (සිංහල අක්ෂර හෝඩිය එහි මුල් ම කාලයේ සිට ම දෙමළ අක්ෂරවලින් සම විසමවන ආකාරය පී.ඊ.ඊ. ප්‍රනාන්දු මහතාගේ ලිපියේ සාධක ගෙනහැර දක්වමින් සාකච්ඡා කර තිබුණත් ඒ කිසිවක් මාගේ ලිපියෙහි දී ඉදිරිපත් නොකළේ අදාල සාධක මේ මොහොතේ මා ලඟ නැති බැවිනි). පෙරමුණේ රාල ඉදිරිපත් කරන අදහස් ද සාධක සහිතව ඉදිරිපත් කරන්නට යැයි මා ඉල්ලා සිටින්නේ ඒ නිසයි.

පෙරමුණේ රා තම ලිපිය අවසන් කරන්නේ මෙසේ ය. "දකුණු ඉන්දියනුවා යනු දමිළයා යයි ඌණනය කර නිජ බිම් සංකල්පය ඔප්පු කර ගැනමට දත කන පිරිසක්ද මේ හරහා අනාගතයේ බිහි වනු ඇත. ඔවුන්ගේ මනෝ රාජික නිජ බිම ඔප්පු කර ගැන්මටත්, දමිළයා යනු මෙරට මුල් පදිංචිකරුවාය යන මතය සමාජ ගත කිරීමටත් මේ කරුණු විකෘත කරමින් ඔවුන් උත්සාහ දරණු ඇත. අප අන්න ඒ වෑයම පරාජය කළ යුතුය."

මම මෙහි දී ද යම් ප්‍රමාණයකට ඔහුගෙන් වෙනස්ය. ඓතිහාසික සාධක මගින් හෙළිවන කරුණු කිසිත් පක්ෂපාතීත්ත්වයකින් තොරව හැකි තරම් මධ්‍යස්ථව ඉදිරිපත් කිරීම ඉතිහාසඥයාගේ කාර්යය ලෙස මම සළකමි. ඔහුට නූතන රාජ්‍යයට හෝ එහි රාජ්‍ය ආකෘතියට, රාජ්‍ය කරවන කල්ලි කණඩායම් වලට, ආගමික හෝ භාෂාව පදනම් කරගත් ජාතීන්ට පක්ෂ ඉතිහාසයක් වුවමනාවෙන් ම ලියන්නට වත් එකී ආයතන හා කල්ලි කණ්ඩායම් වලට අභියෝගයක් විය හැකි තොරතුරු සඟවන්නට වත් අයිතියක් ඔහුට නැත. ඒ නිසා ඉතිහාසය ලිවීම යනු කළින්ම ගත් තීන්දුවක සිට ලියන යමක් නොවේ. ඒ අනුව නිජ බිමක් තිබුණා යැයි කලින්ම සිතාගෙන ගොඩනගන තර්ක ද එය බිඳ දැමීම ම ඉලක්ක කරගෙන ගොතන ගෙතීම් ද ඉතිහාසය නොවේ. අනෙක් අතට කිසියම් තැනක 'මනෝ රාජික නිජබිමක්' පිළිබඳ තර්කයන් ගොඩනැගේ නම් එය බිඳ දැමීම කළ හැකි වන්නේ ද ඉතිහාස ක්‍රම වේදයන් පිළිබඳව ද මූලාශ්‍රයන් පිළිබඳ ව ද මනා අවබෝධයක් ඇති ඉතිහාස විශය පිළිබඳ පුහුණුවක් ඇති අයටමයි. එසේ නොමැති අය ඒ වැඩය බාර ගැනීමෙන් බෙදීම් ද වෛරය ද පෝෂණය වනවාට එහා යමක් සිදු නොවෙනවා ඇත යන්න මාගේ පිළිගැනීමයි.

දෙවනුව මා වඩාත් උනන්දු වන්නේ බෙදී වෙන්වන තත්ත්යට අවශ්‍ය සාධක වර්ධනය වීමට පෙර එකී සාධකයන් අහෝසි කිරීමට කටයුතු කිරීම පිළිබඳව වන අතර බෙදී වෙන්වන තත්ත්වයට අදාල සාධක වර්ධනය වන්තෙක් සිට ඒවා පරාජය කිරීම පිළිබඳව නොවේ. පංති කාමර තුළ සිටම සිංහල හා දෙමළ දරුවන් බෙදා වෙන්කිරීම සඳහා උපස්ථම්භකවන ඉතිහාසයක් ඉගැන්වීම මෙතරම් බරපතල කරුණක් ලෙස මා පෙන්වා දෙන්නේ එබැවිනි. සිංහල දෙමළ සහෝදරත්වයේ නාමයෙන් කරන පුංචි ඉල්ලීමක් යන ලිපියෙන් ද එයට ලියූ කොමෙන්ට්ස් තුළින් ද මා උත්සාහ කළේත් ඒ දේමයි.

හිතුවාට වඩා ලිපිය දිග වීම ගැන කණගා‍ටුයි.

පහුගිය මාස දෙකක විතර කාලයක් නිහඬව සිටිය දී වරින් වර පැමින අළුතින් යමක් ලියා ඇත්දැයි බලා ගිය හැමට ද ඉස්තූතියි. 

Monday, August 16, 2010

A Letter to the Editor of Secular Sri Lanka and response by another SSL member


From: ssl-authors@googlegroups.com [mailto:ssl-authors@googlegroups.com] Cc: secular-sri-lanka-discussions@googlegroups.com
Subject: Re: question


Here are my answers to Nadeesha's questions. My replies follow Nadeesha's quoted text.

"But I have to request you to consider the current state of the country and to analyze whether this is the right time to introduce secularism in the constitution. "

There is no wrong time to promote the use of reason, & to try to pull people away (those who are interested) from fantastic/mythical stories & revealed "truths" (unverifiable) about the nature of life, afterlife, etc.

I don’t think the biggest problem that Sri Lanka face today in introducing secularism is the clause in the constitution about giving prominence to Buddhism and its pledge to preserve it. We as Sri Lankans would have to face a greater danger in future because of some developments that can destroy the little “religious freedom” or the “freedom from religion” that is left with us. To put it directly it is the islamization that I am talking about.

Muslims are a small minority in Sri Lanka. Thus, there is no threat of Islamization there.

First of all I would like to ask you several questions and I expect your/your members’ response.

1. By trying to introduce secularism to Sri Lanka, do you plan to create a uniform legal system for all Sri Lankans?

Yes, a uniform legal system for all is best.

2. Do you accept Islamic Sharia’h law (even partly) being included in the legal system?

No.

3. What is your opinion about the status of the muslim women in the Sri Lanka’s current legal framework. If you do some research you will find that,

a. The minimum marriageable age for both sexes in SL is 18 yrs but for muslim women it is 12 years.

Should be changed to 18.

b. The polygamy is illegal but muslim men are exempted.

Polygamy should be illegal for all.

c. There is no regulation on genital mutilation but it happens in this country, again muslim kids are targeted.

Genital mutilation of kids should be stopped/outlawed/prevented - kids of all religions & those w/ out religions.

d. Property inheritance laws for both sexes are not discriminatory. But for muslim women it is different, they do inherit only a half of what a muslim man inherits.

Inheritance laws should be the same for the entire population.

The Islamic sharia’h law is practiced in marriage issues and inheritance issues. I want to know your response regarding this.

4. If you were vigilant about the current affairs of this country, you will notice a particular trend that muslim youth are being radicalized and they have started following a particular muslim leader known as Dr. Zakir Naik. He can be a great threat to the (some what) secular society that we live in. Instead of questioning and reforming their faith these muslims have started practicing their religion literally. There is a new trend of targeting non-muslims in Sri Lanka and converting them into Islam. I do not know what idea you have regarding this but I see it as a danger to the society that we live in.

Members of various religions are always complaining about others converting people in an unethical or illegal manner. So, basically, if people are actually being kidnapped by whatever religious group & being forced at gun point to convert to some religion then such action seems illegal & the government should stop such actions. Other then that, if there is freedom of religion, then individuals are free to choose whatever religion fits them best, or none at all.

5. Do you think secularism along with Islam is practical? Well my answer would be NO.

A country can have secular governance & still have plenty of believers of various religions.

6. What is your idea about the destruction of Buddhist temples in Kooragala, Pothuvil and Deegawapiya by Muslims?

Illegal destruction of property by anyone is wrong.

I have to say the clause in our constitution as giving prominence to Buddhism has not been really effective. Practically there is no prominence given by the government to the buddhism, it is confined just to a phrase.

The above statement seems incorrect. And, if it is correct, then removing Buddhism from having a prominent place in the constitution will not make a difference to Buddhism in Sri Lanka.

The politicians go to meet the sangha as a tool of deceiving the general public and not that the buddhist sangha involve in decision making.

Finally what I have to say is thinking about secularism in a country that is targeted by islamists is utterly nonsense without fighting Islam.

Fighting Islam is a non-sensical idea. Islam, just like Buddhism, Christianity, etc. is a popular religion on Earth - a set of ideas, beliefs & practices - the idea of fighting it seems to me a project similar to the idea of fighting people who like music by a certain artist or music in general. Fighting for religious freedom - including being able to be free from religion - on the other hand, is a worthwhile project.

If you introduce secularism now it might help the islamists in their cause in long term rather than making Sri Lanka a secular country.

Freedom of religion, freedom from religion, & secularism are all compatible with liberal or some mainstream versions of Islam. Or, in many secular countries, there are Muslim populations, w/ out a significant conflict between the vast majority of the Muslims, the government, & other people in the country.

Therefore you should give priority on removing this Islamic plague.

Islam is not a plague. Just an ancient religion, similar to Buddhism in that sense - containing extremist & moderate & ultra-liberal wings. For a crash course on extreme Buddhism or Buddhism that opposes & supports the killing of non-believers, taking their land & property - review notes on the centuries long Sinhala-Tamil conflict in SL - the role Buddhism has played in it, the use of Buddhism & other state religions for the Imperial Japanese military conquest projects, use of Buddhism as an organizational tool, including one that supports war/conquest in several ancient Asian kingdoms (Japan, Burma, etc.).

I hope you would consider this seriously and reply me. After all we all want to make Sri Lanka a better place to live in.

Further religious freedom, including freedom from religion, & the enforcement of just laws, & less corruption all around will make SL a better place to live in.

- Sujewa


To: ssl-authors@googlegroups.com
Cc: secular-sri-lanka-discussions@googlegroups.com
Sent: Sun, Aug 15, 2010 3:28 pm
Subject: Fwd: question

Nadeesha has some questions for SSL group ..... I think Prasad sent some answers to these questions earlier, but if anyone else wants to respond please address his questions and concerns with your answers directly to Nadeesha and also please copy the discussions group.

Begin forwarded message:



---------- Forwarded message ----------
Date: Mon, Aug 2, 2010 at 8:40 AM
Subject: question
To: info@secularsrilanka.com

I came across your website recently however spent a lot of time reading your material and I thought I have some suggestions to make. I am a university student and I too have a certain point of view of the way our country is going on, its political sphere, religious and cultural sphere. First of all I will disclose my background to you before presenting my criticism/suggestions. I come from a Sinhalese Buddhist background and I know so are most of you. However I am not an atheist, but I too have a criticism against organized religion as they have done more harm to the world than any good. I would say I am a philosophical Buddhist, but I do not find wrong in any one believing in god and doing rituals as long as they do not violate the human rights. I also dream of a secular Sri Lanka where equality (gender, race, religion and language wise) and humanity is given prominence. Unfortunately our country’s current situation does not indicate us about such a future but of a more terrible one. I will later disclose the reasons why I say these things. However I wish I am wrong on this one.

I am frequent visitor of richarddawkis.net and I have a certain idea about secularism. I read a lot about the secularist movement in western countries and always have been thinking why we do not have such a movement in Sri Lanka. However I found out your site and that the rationalist movement is still active to a certain level even after the death of Mr. A.T.Kovoor. I am happy that we have a rationalist movement in Sri Lanka even though I do not agree with them 100%.

But I have to request you to consider the current state of the country and to analyze whether this is the right time to introduce secularism in the constitution. I don’t think the biggest problem that Sri Lanka face today in introducing secularism is the clause in the constitution about giving prominence to Buddhism and its pledge to preserve it. We as Sri Lankans would have to face a greater danger in future because of some developments that can destroy the little “religious freedom” or the “freedom from religion” that is left with us. To put it directly it is the islamization that I am talking about. First of all I would like to ask you several questions and I expect your/your members’ response.

1. By trying to introduce secularism to Sri Lanka, do you plan to create a uniform legal system for all Sri Lankans?

2. Do you accept Islamic Sharia’h law (even partly) being included in the legal system?

3. What is your opinion about the status of the muslim women in the Sri Lanka’s current legal framework. If you do some research you will find that,

a. The minimum marriageable age for both sexes in SL is 18 yrs but for muslim women it is 12 years.

b. The polygamy is illegal but muslim men are exempted.

c. There is no regulation on genital mutilation but it happens in this country, again muslim kids are targeted.

d. Property inheritance laws for both sexes are not discriminatory. But for muslim women it is different, they do inherit only a half of what a muslim man inherits.

The Islamic sharia’h law is practiced in marriage issues and inheritance issues. I want to know your response regarding this.

4. If you were vigilant about the current affairs of this country, you will notice a particular trend that muslim youth are being radicalized and they have started following a particular muslim leader known as Dr. Zakir Naik. He can be a great threat to the (some what) secular society that we live in. Instead of questioning and reforming their faith these muslims have started practicing their religion literally. There is a new trend of targeting non-muslims in Sri Lanka and converting them into Islam. I do not know what idea you have regarding this but I see it as a danger to the society that we live in.

5. Do you think secularism along with Islam is practical? Well my answer would be NO.

6. What is your idea about the destruction of Buddhist temples in Kooragala, Pothuvil and Deegawapiya by Muslims? I have to say the clause in our constitution as giving prominence to Buddhism has not been really effective. Practically there is no prominence given by the government to the buddhism, it is confined just to a phrase. The politicians go to meet the sangha as a tool of deceiving the general public and not that the buddhist sangha involve in decision making.

Finally what I have to say is thinking about secularism in a country that is targeted by islamists is utterly nonsense without fighting Islam. If you introduce secularism now it might help the islamists in their cause in long term rather than making Sri Lanka a secular country. Therefore you should give priority on removing this Islamic plague. I hope you would consider this seriously and reply me. After all we all want to make Sri Lanka a better place to live in.

=


Thursday, August 12, 2010

Slavery of the mind

We need a transition; a transition from religiosity to morality...

As a nation, we lack discipline and responsibility. Corruption is rampant, and respect for fellow citizens have hit an all time low. I am sure only a few will dispute these claims. In essence, Sri Lanka is no longer a moral state, and I am not sure if it has ever been.

Let me emphasize this: what we lack is the morality and what we have in abundance is the religiosity. The overflowing religiosity of the the nation is evident by the masses that flock to religious rituals and ceremonies all around the country. A recent ceremony at Somawathie Stupa attracted almost a million devotees. The lack of discipline and lack of respect of these devotees to fellow humans was exhibited by the near-stampede that took place there. All these events sums up the following fact. Although the religions have hijacked morality few thousands years ago, and since then purports to be the sole authority on morality, they are doing a very bad job at it. It is evident that religion, which rides the wave of the ignorance, fear of the unknowns and selfishness of individuals, is not helping in creating a moral state.

Lets me start with a question "Do you think that slavery of the mind to unproven cosmic power (God, gods or Karma) is needed to maintain morality?". Let me elaborate...

I am a person who rejects all religion. I also believe that religion inhibits humans' capacity to be more creative, open minded and moral. I know that I would be labeled as an extremist by the religious people. I am fine with that label, as my beliefs (yes, I like to call them beliefs) are unverified and they are very far from the beliefs that are accepted as "moderate" by today's standards. My beliefs could be as extreme as the belief of a medieval-era rebel who believed that people should be governed not by a 'god given' king, but people should be governed by themselves by way of representatives chosen by people. In the medieval times, this belief would have been outrageous. "What!!? peasants should be governed by peasants? Look at the people we live with? You mean these idiots to decide how to rule?" would have been the response even from a moderate, well meaning and intelligent peasant. In today's world, that rebellious peasant's belief is no longer extreme, but in mainstream. And thanks to those people who had those extreme beliefs, and acted on them despite the dire consequences, we are reaping the benefits. We are no longer governed by 'god given' kings, and nowadays we choose our 'kings' ourselves.

However, I am still fine with the extremist label on me, since I believe that it is fair to label the medieval rebel who believed in a "democracy" as an extremist too. I hail that rebel now, since what he believed worked out to be a good system. It could have gone terribly wrong too. Uneducated, less smart, superstitious peasants having a say in king making can go wrong even in today' democracies; however, in general it works fine. Having unverified extreme beliefs about the success of such a system in the medieval time is definitely extreme.

By above definition, I am an extremist. What is I propose is way off the norms and more importantly, end result of what I propose can go terribly wrong; although I do believe it will go right.

I believe that it is possible to replace the moral frameworks provided by today's world religions with ethical frameworks that does NOT require "slavery of the mind" (i.e unquestioning faith) rather those ethical frameworks could be based on worldly concepts like discipline, respect, compassion, love etc. Unlike unproven concepts such as God, Karma, Heaven, Hell, Afterlife, etc, no one can easily challenge the validity of discipline, respect, compassion, love etc. Even though religions have "hijacked" these worldly concepts and associated them with their unworldly Gods and Karma; religions' harp on allegiance to unworldly concepts, and their priority is not the worldly concepts. Due to this exact reason, religions breed more and more followers who do not care for discipline, respect, compassion, love but their allegiance are with unworldly concepts that does not serve any worldly need. The 'love' that should be directed to the fellow human beings are directed towards metaphysical entities due to the group-think promoted by organized religion. This is a LOVE that is LOST!

To those who argue that religions are part and parcel of human legacy and indispensable, well, I like to counter argue that religion (slavery of the mind) is no more part of humanity than slavery of the flesh once was; one which was abolished sometime ago from the face of the earth. However, like the slavery of the flesh made it possible the wonders like pyramids, slavery of the mind produced/producing wonders as well. And abolishing slavery of flesh at the time of pharaohs (or even in 17th century America) would have been met with same level of criticism that the abolishing of religion brings about in contemporary society.

Just like abolishing of slavery did not end the exploitation of the flesh, end of state sponsored/privileged religions will not end the slavery of the mind of other types. Yet I believe it is a correct step to take within the progression of civilization.

Anyway, Secularists need not be non-believers or extremists like I. In Secular Sri Lanka group, we do have religious people who are united with the non-believers for the cause of separation of religion from governance. One does not have to an extremist like me to understand the harm of institutionalized religion meddling with governance and politicians exploiting institutionalized religion. So I guess the ideological differences that we have within Secular Sri Lanka group is a blessing such that we as a group would not become close-minded ourselves. If everyone in here thought like me, then it would have been boring, and moreover it would have been a formula for failure, as we would become more and more self-centered and would be oblivious to the real challenges.

Original Post http://www.secularsrilanka.com/discussions/ritigala-jayasena/slavery-of-the-mind