Secular Sri Lanka - Blog

"A secular constitution that everyone in Sri Lanka can subscribe to, and feel a sense of belonging in; regardless of their ethnic origin or religious convictions or lack of thereof; is a big step towards the correct direction."


Visit our Official web site : www.secularsrilanka.com

Tuesday, March 15, 2011

SSL – Social Gathering

Secular Society of Sri Lanka has organized a Social Gathering and we invite all our members to participate in this gathering.

Venue: 36 A, Siripa Road, Thimbirigasyaya, Colombo-5
Date & Time: Sunday, 20th March 2011 at 10.30am
Event Host: Mr. Srilal Perera (Contact No: 0757118836)

Please confirm your participation on SSL event thread ( link - http://groups.google.com/group/secular-sri-lanka/browse_thread/thread/aa9f487000e9778b )

Saturday, February 26, 2011

Religious war sparks on the Sri Lankan blogosphere

In the recent days there have been some debates on the Sri Lankan blogosphere between the people who claims to be the followers of Islam and people who claim themselves as Buddhists or non-religious, etc...

See the below blogs…
http://peramunerala.wordpress.com/
http://mohomad.blogspot.com/
http://kolu.wordpress.com/

There is no rational argument building in many of those writings but lot of false interpretations, insults and very specially people seem to get hurt a lot by these activities (check the comments on the posts).

In a way we are glad that this kind of a debate started with in the Sri Lankan blogosphere but we seriously hope this stays only within the blogosphere without anyone getting physically hurt.

Saturday, January 8, 2011

නලින් ද සිල්වා හඳුනාගැනීම

original post නලින් ද සිල්වා හඳුනාගැනීම found here

නලින් ද සිල්වා මහතා සිංහල බෞද්ධ සංස්කෘතියට ගෝචර ලෙස වූ 'නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය' නමින් වු අලුත් සංකල්පයක් හරහා අලුත් දැනුමක් ගොඩ නැගීමට අඩිතාලම් දමා ඇතිබව එතුමන්ගෙ ගෝල බාලයන් නැවත නැවත පවසයි. සිල්වා මහතාගෙ පොත් පත් හා එතුමාගෙ සංකල්ප පරිශීලයන කර ඇති, සහ එතුමා සමග සංවාදයේ යෙදී ඇති මම එතුමාට තවමත් ගරු කරමි. ලංකාව තුල එතුමා තරම් ස්වාධීනව මත පලකරමින් අපට හිතන්නට පෙලඹවූ වෙනත් අයෙක් මට කල්පනා නොවේ. එතුමා ගේ මග පෙන්වීම යටතේ ගොස් "දැනුමේ ස්වභාවය" (nature of knowledge) පිලිබඳවූ ontology සහ epistemology යන විශයන් හැදෑරුවෙමි. එතුමා නොවන්නට ඔය වචන දෙක ගැන මේවන විට මෙලෝ හසරක් මම නොදැනීමට බොහෝ ඉඩ තිබුනි.

නලින්ගේ මතිමතාන්තර උඩින් පල්ලෙන් අසා, "මූට පිස්සු" කියා එතැනින්ම ඉවත් වෙන පිරිසක් ඇත. නමුත් එයට හේතුව ඔවුන් ඥාණ විභාගය පිලිබඳ(epistemology) සංකල්පය නොදැනීම සහ වාස්තවික යථාර්තයක් (absolute reality) පිලිබඳව මිස නිරීක්ෂකයා සහ නිරීක්ෂනය එකතුවීමෙන් සෑදෙන සහබාගීත්වයෙ යථාර්තය (observer-created-reality /participatory world view) පිලිබඳ සංකල්පය නොදැනීමයි. අපට පැසැලෙන් උගන්වන දේ පමනක් විශ්වාස කරමින් ජීවත්වීම අභියෝගයට ලක්කරන මතවාද සාකච්ඡාකරන එතුමාගේ ව්‍යායාමය ගරු කටයුතුය.

නලින් ගැන ලියන්නට මේ තරම් කාලයක් වැය කරන්නෙ මම ඔහුගෙ දර්ශනය 90% පිලිගන්නා නිසාත්, ඔහුගේ දේශපාලනය 90% ප්‍රතික්ශෙප කරන නිසාත්ය. ඔහුගේ දේශපාලනය යනුවෙන් අදහස් කලේ මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා වෙනුවෙන් පෙනී සිටීම නොවේ. ඒ පිලිබඳව මට ගැටලුවක් නැත. ඔහුගෙ භයානක දෙශපාලනය නම් මර්වින් සිල්වා වෙනුවෙන් පෙනීසිටීමයි. ඇත්තටම ඔහු ප්‍රසිද්දියේ මර්වින් වෙනුවෙන් පෙනී නොසිටී. නලින් පෞද්ගලිකව මර්වින්ට අකමැති වන්නටද පුලුවන. කෙසේ වුවත් නලින්ගේ දර්ශනය ඔස්සෙ ගොඩ නැගෙන දේශපාලන මිනුම් දඬු අනුව, අපගේ අතීත සාරධර්ම ගැන නන්දෙඩවීම, නූතන හර පද්ධතීන් වෙනුවෙන් පෙනී සිටීමට වඩා වැදගත්වේ. මර්වින් යනු පෞද්ගලික ජීවිතයේදි කුමක් කලත්, ජනතාව ඉදිරියේ "අතීත සාරධර්ම" ගැන දොඩවන, නලින් විසින් "බටහිර" යයි ලේබල් ගසා ප්‍රතික්ශේප කරන නූතනත්වයේ හර පද්ධතීන් (modern value systems) ගැන හාංකවිසියක් වත් නොදන්නා පුද්ගලයෙකි.

නලින් ද සිල්වා මහතාට කොතරම් ගරුත්වයක් තිබුනද එතුමා සහ එතුමාගෙ ගිරා පෝතකයන්[1] ගේ වැඩ පිලිවෙල ගැන මට කිසිදු පැහැදීමක් නැත. "ගිරා පෝතකයන්" යැයි කියන්නේ ගුරා කියන දෙය එලෙසින්ම පුනරුච්චාරනය කරනු මිස ඊට වඩා වැඩිදෙයක් කිරීමට අපොහොසත් වීම නිසාය. මෙතුමාගෙ ගෝලයන් විසින් අටවා ඇති වෙබ් අඩවි, බ්ලොග් අඩවි සහ Facebook පිටු රැසකට ගොස් විමසා බැලීමක් කලෙමි. මේ සියල්ලෙ ඇත්තේ එකම දෙයකි. බටහිර විද්‍යාව පිලිබඳ නලින් ගේ විවරනය "copy paste" කොට ඇත. කොටින්ම බටහිර චින්තනයේ හා නූතනත්වයෙ (modernity) නියමුවන් ලෙස එතුමා උදාහරන ගෙන දක්වන "ඩාවින්චි" සහ "මයිකල් ආන්ජෙලෝ" උදාහරණයට පිටින් වෙන උදාහරණයක් පවා නැත. මෙම අනුගාමිකයන් කිසිවෙක්ට එතුමාගෙ ලිපිවල අන්තර්ගතය copy paste කිරීම හැර, සිය අදහස් ස්වාධීනව ප්‍රකාශ කිරිමට අපොහොසත් වීමට හේතුව කුමක්ද? සැබෑ දැනුම් පද්ධතියකට "ශාස්තෘවරයෙක්" අවශ්‍ය නොවේ. කිසියම් කරුනක් ගැන ඔබේ අදහස ශාස්තෘගේ අදහස සමග පෑහේදයි විචිකිච්ඡාවක් ඔබට නිතරම ඇතිවන්නේ නම් එය දැනුම් පද්ධතියක් නොව ආගමක් බවයි මගේ වැටහීම.

නලින් අනුගාමිකයින් ගෙන් පොඩි ඉල්ලීමක්. පොඩි පරීක්ෂනයක් ඔබම කර බලන්න. එතුමා තවමත් අදහස් ප්‍රකාශකර නොමැති විෂය පථයක් සම්බන්ධව ඔබගේ අදහස් ගොනුකරගන්න. මෙම ව්‍යායාමයේදී, "ද්විකෝටික තර්කයය" හෝ "රේඛීය චින්තනය" භාවිතා නොකිරීමට පරෙස්සම් වෙන්න. චතුස්කෝටිකය හා චක්‍රීය චින්තනය ඇසුරින් ගලපාගත් ඔබේ අදහස, නලින් ද සිල්වා ඇදුරු තුමාගේ අදහස සමග පසුකාලිනව ගලපා බලන්න.

නලින් ගේ අනුගාමිකයන් ලෝකය බලන්නෙ එතුමාගෙ කන්නාඩිය තුලිනි. එතුමාට පෙනුන දෙය හැර වෙනත් අලුත් කිසිවක් මොවුන්ට නොපෙනේ.

'නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය' පිලිබඳ සංකල්පය ඉතා රසවත් සේම ඒ ගැන මමත් ඉතා උනන්දුය. නමුත් කරුනු කිහිපයක් නිසා මේ මතය ඉදිරිපත් කරන නලින්ගේ අවංක භාවය ගැන ප්‍රශ්න මතුවේ. පලමු ප්‍රශ්නය නම් මෙය කොතරම් දුරට එතුමාගේ නිර්මාණයක්ද යන්නයි. ක්වන්ටම් වාදයේ කෝපන්හෙගන් විවරනය තුල(Copenhagen Interpretation of Quantum Mechanics) මෙතුමාගෙ මත වලින් බාගයක් ඇත. බටහිර විද්‍යාත්මක සංවාද තුල එතරම් සාකච්ඡාවට බඳුන් නොවුනද සහබාගීත්වයෙ යථාර්තය (participatory world view) යනු කෝපන්හෙගන් විවරනය ප්‍රකාශවූ දිනයේ සිට (1927) බටහිර පඬුවන් අතරේද සංවාදයට ලක්වූ සංකල්පයකි. "participatory world view" යන්න ගූගල් කල විටදී ලැබුන ගැලපුම් ගනන 1,290කි. එයිනුත් මෙම ලිපිය වඩාත් කුතුහලය දනවයි. බටහිරට පලු යන්න බැනීම පමනක් නොමැතිව, නලින් කියන අනෙක් සියලු දේ මෙහි ඇත. participatory world view යන්න අනාගතයේ වඩාත් සාකච්ඡාවට බඳුන් වුවද, එය සිංහල බෞද්ධ සන්කෘතියට සින්නකර ලියා ගැනීමට නම් නොහැකි වෙනවා ඇත.

ගිරා පෝතකයන් නොවන, ඔහුගෙ චින්තනය ඇත්තටම් තේරුම් ගත්ත සැබෑ 'ගිරවුන්ට' තියෙන තවත් ප්‍රශ්නයක් නම්, සිය ගෝත්‍රයේ ඉපදී තමන්ගේ 'චින්තනයට' දර දිය නොඇද, වෙනත් චින්තන රටා ඉදිරිපත් කරන සැවොම එක්කෝ "මැට්ටන්", "අනුකාරකයන්" නැත්නම් "දීනයන්" ලෙස නම් කිරීමය.

විද්‍යාව යනු එය නිර්මාණය කල සංස්කෘතියට සාපේක්ෂ සම්මුති සත්‍යයක් මිස, වාස්තවික යථාර්තයක් නොවේය යන මතවාදය ද; චින්තනය හා එම සන්ස්කෘතිය නිරන්තරයෙන් එකිනෙකා පෝෂනය කිරීමත්, එම චින්තනය විද්‍යාව තුලට බද්ධවීමත් යන කාරනා සම්බන්ධව නලින් ගේ මතවාද ද, කිසිවෙකු තෙරුම් ගත්තේ නම්, ඔහු එම මොහොතේම දනින් වැටී නලින් සරන යා යුතු බව නලින් හා ඔහුගෙ උගත් ගෝලයන් සිතයි. එය එසේ නොවන්නේ නම් "මූට චින්තනය කියන්නෙ මොකක්ද කියා තෙරෙන්නේ නැත" යන්න ඔවුන්ගෙ උපකල්පනයයි. නලින්ට මේ අවස්තාවේ කිව යුත්තේ, ඔබගේ චින්තනය තෙරුම්ගත්, ඔබ සිංහලෙන් ඔය චින්තනය අපට කියාදීම ගැන ස්තුතිවන්ත වන, නමුත් ඔබගේ ගෝත්‍රවාදී මානසිකත්වයට එකඟ නොවෙන යම් පිරිසක්ද ඔබගේ ගෝත්‍රය තුල සිටින බවයි.

ඔබ නැවත නැවත කියනා පරිදි ඔබගේ ගෝත්‍රයේ සිටින කිසිවෙකුට "බටහිර චින්තනයේ" අනුකාරකයෙකු වෙනවා මිස බටහිර චින්තනය තේරුම් ගත් සැබෑ පඬුවෙකු වීමට බැරිනම්, එම ගෝත්‍රයේම ඉපදුනු, හැදුන වැඩුන ඔබ "බටහිර චින්තනය" තේරුම් ගෙන, එයින් ලොවට වන අගතිය වටහා ගෙන, වෙනත් චින්තනයක් ඉදිරිපත් කලේ කෙලෙසද? ඔබ එය කලේ බටහිර චින්තනය අතැඹුලක් සේ හඳුනා ගැනීමෙන් පසුව යයි මම සිතමි. ඔබ කියන්නෙ ඔබවැනි චින්තන කිහිපයක් හඳුනාගත් "පොරවල්" ලංකාවේ නැවත පහල නොවන බවද?

බටහිරට පලු යන්නට බනිමින් නලින් ද සිල්වා මහතා සාකච්ඡා කරන්නේද බටහිර විද්වතුන් අතරේද සාකච්ඡාවට බඳුන්වන මාතෘකාවකි. එය කමක් නැහැ කියමු; එතුමා භයානක දෙශපාලන මතවාද කිහිපයක් මේකට පටලවයි. එතුමා කිසිම වග විභාගයකින් තොරව නූතනවාදී සහ පශ්චාත් නූතනවාදී (modern and postmodern) සංකල්ප තුලින් බිහිවූ දේශපාලමය හා සමාජමය හර පද්ධතීන් (value systems) අමු අමුවේ ප්‍රතික්ශෙප කරයි. ඒවා ලංකාවෙන් බැහැර කලයුතු බව කියයි. බටහිර හර පද්ධතීන් වල හොඳක් ඇත්තේම නැද්ද!? මෙතුමාට අනුව බටහිරයන් "උසාවියකින් වැරදිකරු කරන තුරු සෑම චූදිතයෙක්ම නිවැරදි කරුවෙකි" යයි පවසන විට අපි "උසාවියකින් නිවැරදිකරු කරන තුරු සෑම චූදිතයෙක්ම වැරදි කරුවෙකි" යයි සැලකිය යුතු බව වැන්නක් කියයි. එතුමාගෙ දිවයින "දැක්ම" ලිපි වලට අනුව පෞද්ගලිකත්වය, මානව හිමිකම්, නීතීඥයන්, ආන්ඩු පෙරලීමේ ජනතා අයිතිය, ජනතා පරමාධිපත්‍ය ඇතුලු මෙකී නොකී සංකල්ප අප බැහැර කලයුතු "බටහිර" දේ වෙයි. මෙම නව-නට්සිවාදී දෙශපාලන දර්ශනය 'නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය' හා පෑහෙන්නෙ කෙසේද යන්න මට පැහැදිලි නැත.

කෙසේ වුවත් මට එක් දෙයක් පැහැදිලි විය. මර්වින් සිල්වා යනු ඉහත සඳහන් කල කිසිම "බටහිර" හර පද්ධ්තියක් ගැන අසාවත් නැති, සිංහල බෞද්ධ පහල මධ්‍යම පාංතික යල් පිනූ පිලුනුවූ හර පද්ධතියක් තුල ක්‍රියාත්මක වන දේශපාලන චරිතයකි. මර්වින්ට පලු යන්නට බනිමින් දිවුන එක්තරා Facebook සංවාදයකදී ජාතික චින්තන අනුගාමිකයෙකු පැවසුවෙ ඔහු "interesting" චරිතයක් බවයි. අඩු ගනනේ දැන් ඒක පැහැදිලිය. චින්තනය යටතේ බිහිවන දෙශපාලන දර්ශනය තුල මර්වින් "interesting" චරිතයකි, විමල් වීරවංස "වීර" චරිතයකි. චින්තනය යටතේ රටට යන කල ඉන් අපට හිතාගත හැක.

නලින්ගේ එක් මතයකට නම් මම සපුරා එකඟ වෙමි. ලංකාව දෙශපාලන හා සමාජමය වශයෙන් නන්නත්තාර වීමට හේතුව අප "බටහිර" හර පද්ධතීන් හා අතීත "සාර්ධර්ම" අතර අතරමං වීම බව ඔහු කියයි. අපිට ඒකත් නැත, මේකත් නැත. ඒක නම් සහතික ඇත්ත!! විසඳුම ලෙස ඔහු කියන්නෙ, අපි "බටහිර" හර පද්ධතීන් අලුයම ලූ කෙල පිඬක් සේ ඉවතලා අතීත සාර්ධර්ම වැලඳ ගත යුතු බවයි. අතීත කාමයෙන් පෙලෙන, නලින් ගෙ නිවුන් සොහොයුරු ඇමරිකානු ජාතික බිල් ඔරෙලි (Bill O'Reilly)පවසනේද මෙයමැයි. බිල් ඔරෙලි පවසන පරිදි, සදාචාරය පිලිබඳ ඇමරිකානු ප්‍රශ්නයට හේතුව නිර්-ආගමික හර පද්ධතීන් හා ක්‍රිස්තියානි සාරධර්ම අතර අතරමංවීමයි. විසඳුම නම් දෙවියන් කේන්ද්‍ර කරගත්, ක්‍රිස්තියානි අතීත සාර්ධර්ම නැවත නගාසිටුවීමයි. නලින් නූතනත්වයට "බටහිර" ලේබලය අලවනවිට, බිල් නූතනත්වයට "අදේවවාදී" (atheist) ලේබලය අලවයි. නූතනත්වය සහ පශ්තාත් නූතනත්වය(post-modernism) "පර-සංස්කෘතීන්" වෙතින් ආ ආක්‍රමනයක් ලෙස බිල් ඔරෙලි ඇතුලු ඇමරිකානු අතීතකාමින් (ultra-conservatives) දකින අතර. එය "බටහිර ක්‍රිස්තියානි" ආක්‍රමනයක් ලෙස නලින් දකී. එසේ දකිමින් ඔහුගේ අනුගාමිකයන්ද බිය කරයි. මෙම දෙදෙනාම දැන හෝ නොදැන පාවිච්චි කරන දෙශපාලන ආයුධය එකමය. එනම් "උන්" සහ "අපි" යන බෙදීම ඔස්සේ කරන "භීතිකා නිර්මානයයි" (fear mongering). බිල් සහ නලින් මෙසේ එකඟ වේ "උන් අපිට කෙලවා ඇත!!"

[පසු සටහන: බිල් ඔරෙලි මෑත කාලයකදී ඔහුගේ සමහර අන්තගාමි අදහස් තරමක් වෙනස් කරගෙන තිබේ. එබැවින් මෙම උදාහරණය සඳහා ඔහුගේ නම යොදා ගැනීම එතරම් සාධාරන නොවීමට ඉඩ ඇත. එසේ නම් ජෙරී ෆෝල්වෙල් (Jerry Falwell) නම ඒ සඳහා ආදේශ කරගත හැක.]

"ඔවුන් සහ අපි" (us and them) යන බෙදීම යමෙකු මතුකරන්නෙ දෙශපාලන අරමුනු වෙනුවෙනි. දැනුම නිර්මාණය කරන්නන් බෙදීම් නොව සමානකම් කෙරෙහි වැඩි අවධානය යොදති. "ඔවුන්" සහ "අපි" යන බෙදීමක් ඇතිවී ඇත්නම්, එම බෙදීමට උපයෝගී වු සාධක තවමත් නිවැරදිදැයි අප විම්සිය යුතුය. සියලු බෙදීම් ඇත්තේද අපගෙ සිතේ වන බැවිනි ඒ.

බෙදන්නට අවශ්‍ය පුද්ගලයාට කුමක් හෝ සාධක ටිකක් පටලවා ඉරක් ඇද, මෙතනින් එහා ඉන්නේ "උන්" මෙතනින් මෙහා ඉන්නෙ "අපි" යැයි පැවසිය හැක. මෙම බෙදීමෙ ඉර මනසින් දකින පුද්ගලයන්ගෙ සන්තානය තුල දැන් "උන්" සහ "අපි" ජීවත් වේ.

"ඔවුන් සහ අපි" යනුවෙන් බෙදීම නලින් ද සිල්වාගේ සියලු මතවාද පටන්ගන්නා ලක්ෂයයි. ඒ ඒ තැන් වලට ගැලපෙන ලෙස ඔහු සිය බෙදීම් නිර්වචනය කරයි. "බටහිර්/පෙරදිග", "බෞද්ධ/අබෞද්ධ", "සිංහල/අසිංහල" යන බෙදීම මත මිස ඔහුට යැපීමට වෙන සංකල්පයක් නැත.

නලින් ද සිල්වා පරම සත්‍යයක් ගැන සඳහන් නොකරයි. දැනුම යනු සාපේක්ෂතාවයක් බව ඔහු පිලිගනී. බෞද්ධ දර්ශනය හා එයට ගෑවී ඇති සියලුම දේ තුල "සත්‍යය" බේරෙන බව, හා එම සත්‍යය "නවීන විද්‍යාවෙන්ද" බොරු නොකල හැකි බව පවසන දුහුනන් ඔහුගේ සරදමට ලක්වේ. නමුත් බටහිර යැයි තමන්ට හැඟෙන ඔනෑම සංකල්පයක්, හා එම සංකල්ප ඇසුරෙන් සිය සිතුවිලි මෙහෙයවන සිලල්ලන්මත් ඔහුගෙ ද්වෙශයට ලක්වේ. එක් දැනුමක් තව දැනුමකට වඩා සත්‍ය නොවන්නේ නම්, සත්‍ය මැන බැලීමට රාමුවක් (frame of reference) නොමැතිනම්, එක් දැනුමක් යොදා ගන්නන්ට ද්වෙශ කරන්නනටත්, තව දැනුමක් ඔසවා තැබීමටත් නලින් ද සිල්වාට හැකිවන්නෙ කෙසේද?

නලින් ද සිල්වා මේ සඳහා භාවිතා කරන එකම රාමුව ගෝත්‍ර වාදයයි. එය උන්ගෙ ගෝත්‍රයෙ දැනුමයි, මෙය අපේ ගෝත්‍රයේ දැනුමයි. උන්ගේ ගෝත්‍රයෙ දැනුම භාවිතාවෙන් සිය ජීවිතය හැඩගස්වා අපේ උන් "දීනයන්ය"

බටහිර රටවල ජීවත් වල පිරිස්ද අතරද අප මෙන්ම විවිධ් අදහස් දරන්නෝ වෙති. ඒ සමහර අදහස් හා "පෙරදිග" යයි අප කියාගන්නා අදහස් අතර ඇති සමාන බව වැනි මාතෘකාවක් නිකමට නලින් ද සිල්වා මහතා සමග සාකච්ඡා කර බලන්න. එමෙන්ම, දැනුම නිර්මාණයේදි තම දැනුම් පද්ධතියට පිටතින් ඇති දැනුම් ද එක්කර ගැනීම ගැන කතා කර බලන්න. "ඔවුන් සහ අපි" යන බෙදීම මත එතුමා කොතරම් යැපෙනවාද කිය මෙවැනි සුලු පරීක්ෂනයකින් දැනගත හැකියි.

අපිට අපේම කියා දැනුමක් ගොඩ නැගිය හැකිය යනුවෙන් පවසා තරුණ පුද්ගලයන් කඩේ ඇරීමට මෙතුමා සමත්ව ඇත. දැනුම් ගොඩ නගන අවංක ව්‍යායාමයකදී, "ඔවුන්" සහ "අපි" යන බෙදීමක් ගැන වහලය මත නැග ඔයතරම බෙරිහන් දීමට අවශ්‍ය නැත. මේ තරුණයන්, කඩෙ යන්නෙ එතුමාගෙ දේශපාලනයට මිස, දැනුම් නිර්මානයට නොවන බව දැනගෙන කඩේ යාම යෙහෙකි.

මෙතුමා භයානක දේශපාලන මතවාද කිහිපයක් ඉදිරියට දැමීමට පටන්ගෙන ඇත. පෞද්ගලිකත්වය හා මානව හිමිකම් යනු බංකොලොත් බටහිර සංකල්පයක්ය යන්න පැවසීම එකකි. පෞද්ගලිකත්වය රාජ්‍යත්වයට ඉහලින් ඔසවාතබන ප්‍රජාතත්‍රවාදය යනු අත්හැරදමිය යුතු බටහිර ක්‍රිස්තියානි මතයක් යැයි පැවසීම අනෙකය.

http://www.divaina.com/2010/12/19/nalin.html -> /*පෞද්ගලිකත්වය ඉස්‌මතු කරන බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයෙහි පුද්ගලයා රාජ්‍යයට එරෙහිව ඉදිරිපත් කෙරෙයි. ඊනියා මානව අයිතිවාසිකම් සංකල්පය පැන නඟින්නේ මේ ද්වෛතය ඔස්‌සේය. සමස්‌තයට එරෙහිව පුද්ගලයා ඔසවන විටම සමාජයද අර්බුදයට යෑයි. -නලින් */

හිට්ලර් ගේ නට්සි වාදයට පදනම් වූ දර්ශනය සහ නලින් ගේ මේ දර්ශනයයෙ ඇති සමානත්වය මා භීතියට පත්කරයි. මානව ශිටාචාරය විසින් අතහරිනු ලැබූ රාජාංඩු ක්‍රමය කරා ආපසු අප රැගෙන යාමට මෙතුමාට අවශ්‍ය වී ඇත.

දැන් අපි ජාතික චින්තනය තුල මර්වින්ගේ භූමිකාව විමසා බලමු. ඔහු රාජකාරිය අතපසු කල රජයේ සේවකයෙකු ගස් බැන්දේ හුදෙක්ම මාධ්‍ය තුල ලාබ ප්‍රසිද්දිය අපේක්ශාවෙන් යැයි බොහෝ දෙනෙක් පවසති. මම ඊට තරමක් වෙනස් ආකරයකට සිතමි. බහුතර ප්‍රජාවගෙ යහපත සඳහා වූ කාර්යයක් පෞද්ගලික හේතූන් නිසා අතපසු කල 'බලු ගැත්තෙකුට' නිසි දඬුවම් එතැනදීම ලබාදීම යනු "අතීත සාරධර්ම" අනුව රාජපුරුෂයෙකුගෙ සත්ක්‍රියාවකි. නූතන හර පද්ධතීන් ගැන නොදන්නා මර්වින්, මෙම ක්‍රියාව නිසා තමන් ජනප්‍රිය වෙතැයි අවංකවම සිතුවා වීමට බොහෝ ඉඩ ඇත.නලින් ද සිල්වාගේ "දිවයින දැක්ම" විවරන අනුව පැහැදිලි වන අන්දමට, ගස් බැඳීමට ලක්වූ පුද්ගලයාගෙ වරද අමතක කොට, අපි ඔහුගේ පෞද්ගලිකත්වය වෙනුවෙන් හඬ නගන්නේ, ප්‍රජාවට හා පාලනතන්ත්‍රයට ඉහලින් පෞද්ගලිකත්වය ඔසවා තබන "බටහිර" හර පද්ධතියක අප සිරවී ඇති බැවිනි.

එතුමාට අනුව බටහිර විද්‍යාව තුල පරිසරය විනාශවීම හැර කිසිදිනෙක හොඳක් නොවේ. හේතු නොදක්වාම[2] "ඊනියා" හරිත විප්ලවය, කාබනික ගොවිතැන, විකල්ප වෙදකම් යනාදියද "හරි යන්නෙ නැතිබව" මෙතුමා පවසයි. අපගෙ පුරාණ කර්මාන්ත හා ගොවිතැන විසඳුම බවද එතුමා පවසයි.අපගේ පුරාණ කර්මාන්ත හා ගොවිතැන මගින් පරිසර විනාශ නොවුනේ, ඒවා හරහා පරිසරය හානි කිරීමට තරම් පෙරදිග සංවර්ධනය වීමට පෙර, බටහිර තුල කාර්මික විප්ලවය සිදුවීම නිසා නොවේද? කාර්මික විප්ලවය ආසියාව ආශ්‍රිතව සිදු නොවුනේ එතුමා ඔය කියන සංකල්ප වෙනස නිසාද නැත්හොත් වෙනත් පරිසර සාධක නිසාද? හැම දෙයකම වරද "බටහිර" හා "ක්‍රිස්තියානිය" පිට පැටවීමට බලාසිටින චින්තනයකින් ලෝකය පිලිබඳව හරි වැටහීමක් ගත හැකිද? කොටින්ම කියතොත් මේ චින්තනයට අනුව අතීත "සිංහල බෞද්ධ" සංස්කෘතිය තුල අබමල් රේනුවක වත් වරදක් තිබී නැත. සිලලු වර්තමාන වැරදි වලට හේතුව සුද්දා පැමින "බටහිර ක්‍රිස්තියානිය" හරහා අපට කෙලවීමයි.

උදාහරණයක් ලෙස ගතහොත් හේන් ගොවිතැන පරිසර හිතවේදි නොවේ. අවුරුදු දහස් ගනනක් පැරනි ගස් කපා, කැලය එලි කොට වනාන්තරය නිසා සරු වූ පොලවේ බෝග සිටුවීම හේන් ගොවිතැනයි. මෙම සරු පොලවේ වැවෙන බෝග ඉවත් කරගැනීම මිස පොහොර යෙදීමක් සිදු නොවේ. හේන නිසරු වන විට එය අත්හැරදමා කැලයේ වෙනත් තැනක් එලෙසම එලි කෙරේ. අත්හැර දැමූ හේනේ නැවත සෑහෙන කලකට මහ ගස් නොවැවේ. කුඩා පඳුරු සහ තෘණ වර්ග පමනක් වැවේ. පරිසරය කෙමෙන් වෙනස් වේ. කාලාන්තරයක්දී බෝග වැවීමට නුසුදුසූ තෘණ භූමියක් බවට පත්වේ.වැසි වානාන්තර ක්‍රමයෙන් නිසරු තෘණ භූමි බවට පත්වීම මෙමගින් සිදුවේ.

එනමුත් හේන් ගොවිතැන හරහා පරිසරය විනාශවීමට නම් එය ආශ්‍රිතව ජීවත්වන ශිෂ්ටාචාරය වනාන්තරයට වඩා වේගයෙන් වර්ධනය විය යුතුය. වෛද්‍ය විද්‍යාව දියුනු නොවේ නම්, කුඩා කල ලෙඩ රෝග සෑදි මියයන ලමුන් නිසා කිසියම් සමබර තාවයක් ඇතිවිය හැක. එහෙත් ඉපැරනි 'ඉන්කා' සහ 'මායා' ශිෂ්ටාචාර මෙසේ වැසිවාන්තර සියතින් විනාශකරගත් නිසා සරු භුමි නැතිවී වඳවී ගිය බවට මතයක් වේ. ලංකාවෙ "හෝටන් තැන්න" (මහ එලිය) තෘන භූමියද ස්වභාවිකව ඇතිවූවක් නොවන බව සඳහන්ය. ඉපැරනි මානවයින් (බලංගොඩ මානවයා) සතුන් අල්ලා ගැනීම සඳහා වනාන්තරය ගිනි ලෑමෙන් මෙම භූමිය නිර්මානය වූ බව කියැවේ. බලංගොඩ මානවයා දන්නා බටහිර ක්‍රිතියානි නූතනත්වය මොකක්ද? ලෝකයෙ කොයි කොන සිටියත්, පන කෙන්ද රැකගැනීම සඳහා පරිසරය සමග එකම ආකාරයකට ඔට්ටුවූ එකම සතුන්ය අපි. ඔය කියනා "බටහිර/පෙරදිග" බෙදීම සම්පූර්නයෙන දෙශපාලනිකයි.

අනවශ්‍ය ලෙස සම්පත් පරිබෝජනය කිරීම සහ සමාජය තුල පරිබෝජනය කෘතිමව ඇතිකිරීමේ වෙලඳ ආර්ථිකය (consumerism), එම හේතුව නිසාම ඇතිවන සම්පත් බෙදීයාමේ විෂමතා, සහ අධික ලෙස ජනගහන වර්ධනය රටක ජනජීවිතය සහ පරිසරයට හානි කරන ප්‍රධාන හේතු ලෙස මම දකිමි. නලින් ද මීට සමාන මතයක සිටිනි බව පෙනේ. වෙනස ඇත්තේ ඔහු මේ සියල්ලෙ වරද බටහිර චින්තනය හා ඒ තුලින් (පමණක්) බිහිවී ඇතැයි ඔහු කියන නවීන විද්‍යාවේ ගිනුමට බැර කිරීමයි. මේ සම්බන්දව මාගේ මතය පැහැදිලි කිරීමට නම් වෙනම ලිපියක් අවශ්‍ය වේ. කෙටියෙන් සඳහන් කරතොත්, ලොව සියලු සංස්කෘතීන්ට එකිනෙකාගෙන් එල්ල වෙන බලපෑම් නවතා ඔවුන්ගේම චින්තනය මත පදනම් වූ දැනුම් පද්ධතියක් සමග දියුනු වීටමට ඉඩ හැරියේ නම් ඒ සමාජයන් සියල්ල අඩු-වැඩි කාලසීමවකට පසු අප දැන් තිබෙන තැනට එන බව මගේ හැඟීමයි. ඒම සිතුවිලි පරීක්ෂනයේ (thought experiment) ප්‍රතිපලය අමතක කරමු. දැනට තිබෙන තත්ව යටතේ කිසිම සමාජයකට වෙනත් සන්ස්කෘතීන් ගෙන් එල්ලවෙන බලපෑම් නවතා හුදකලා විය නොහැක. මෙම තත්වයන් යටතෙ නලින්ගේ චින්තනය සමග දිවෙන සමාජයක් කිසිදාක ඇතිනොවේ. නලින් ගේ මතවාද තුල කිසියම් ගත් යුත්තක් වේද ඒ ටිකද, බටහිර සමග ඇති වෛරී ස්වභාවය, අනවශ්‍ය ලෙස ප්‍රදර්ශනය කරන "සිංහල බෞද්ධ" ගෝත්‍රවාදී ලේබලය වැනි කරුනු නිසා ඉතා සුලු පිරිසකට පමනක් සීමාවේ.

විද්‍යාව තුලින් අප ලැබූ සම්පත් රිසිසේ පරිබෝජනය කිරිමේ හැකියාව කිසිදු පාලනයකින් තොරව භාවිතා කිරීම නිසා පරිසරයට වන හානි දැන් පරිනත සමාජයන් හොඳින් තෙරුම් ගෙන ඇත. පරිසරය සුරකිමින් විද්‍යාත්මක දියුනුව මානව සමාජයේ යහපතට භාවිතා කරන්නේ කෙසේද යන්න අද විද්‍යාත්මක කතිකාවේ ප්‍රධාන මාතෘකාවයි. ලිදේ වැටුන මිනිසා ගොඩ විය යුත්තේද ලිං කටිනි.

අල්පේච්ඡතාව හා අනවශ්‍ය ඇලීම් බැඳිම් වලින් තොර වූ දිවිපැවත්ම ප්‍රචලිත කිරීම අපේ චින්තනය යටතේ ලොවේ දැනුම් පද්ධතියට අපට දිය හැකි වැදගත් දායාදයකි. මේ සඳහා කලයුත්තේ විද්‍යාත්මක දැනුමට අපේ දැනුම් එක්කිරීම මිස, විද්‍යාව සම්පූර්නයෙන්ම අල්ලා විසිකිරීම නොවේ.

මාගේ මේ විවරනද බටහිර මතයන් තුල සිටිමින් බිහිකර ඇති නිසා ඔය විවරන සියල්ලද වලංගු වන්නේ බටහිර දැනුම තුල පමනක් බව දැන් නලින් අනුගාමිකයින් අනිවාර්යයෙනම පවසනු ඇත. බයිබලය වචනාර්තයෙන් ගන්නා ආගමික මූලධර්මවාදින් සමගද තර්ක කිරීමෙන් වැඩක් නැත. මොකා මොනවා කිව්වත් මෙකේ ඇත්තේ දෙවියන්ගේ සත්‍යවචනය බැවින් පෘථිවිය යනු මේ ලඟකදී මැවූවක් මිස අවුරුදු බිලියන ගනනක් පැවතුන දෙයක් බව ඔවුන් පිලි නොගනී. එපරිද්දෙන්ම චක්‍රීය චින්තන මූලධර්මවාදින්ටද කාලය හා අවකාශය සම්බන්ධ අපගේ සියලු දැනීම් "බටහිර ක්‍රිස්තියානි" සාපේක්ෂ දැනුම් වේ. හැබයි කාරෙකක් භාවිතා කරන මෙවැනි චක්‍රීය චින්තන මූලධර්මවාදියෙක්ට ගමනක් යන්නට වුවමනා වූ විට, සිය කලිසම් සාක්කුවට අතයවා, එහි වාස්තවික යථාර්තය තුල ඇති යතුර සොයා, කාරය පනගන්වා, සිය මනසතුල ඇති කාලය හා අවකාශය පිලිබඳ "බටහිර ක්‍රිස්තියානි" සිතියමේ අනුසාරයෙන් ගෙදර සිට ගමනාන්තය දක්වා ගොස්, වැඩේ කරගෙන ආපසු එයි. එසේ පැමින නැවත පරිගනකය ඉදිරිපිට වාඩිවී, "බටහිර" විද්‍යාවෙන් නිර්මානය කල සියලු තාක්ෂනය යොදා ගනිමින්, බටහිර විද්‍යාව යකෙකු බව පෙන්වන බ්ලොග් ලියයි.

මාගෙ පෞද්ගලික මතවාද ගැන කියතොත්, දැනුම යනු සාපේක්ෂතාවයක් බව මම පිලිගනිම්. එමෙනම දැනුම එය නිර්මාණය කල සංස්කෘතියේ චින්තනයට අනුබද්ධ බවද මම පිලිගනිමි. එය මගේ ලෝක දැක්මයි (world-view). මෙතෙක් දුරට නලින් හා මා එකඟය. එහෙත් දැනුම සාපේක්ෂ වූ බව පිලිගත් පමනින් "සියලු දැනුම් පද්ධති සමානය" යනුවෙන්ද පිලිගැනීම ගම්‍ය නොවේ. විසවීමකින් තොරව බුදින්නට හැකි සියලු දෙයට අපි "කෑම" යනුවෙන් පැවසුවද, හොඳ හා නරක කෑම ඇති බවට විවාදයක් නැහැ නේද? එපරිද්දෙන්ම "සත්‍ය" හා "අසත්‍ය" යන මිනුම් දන්ඩ නොව "හොඳ" හා "නරක" ලෙස අපට දැනුම් පද්ධති බෙදා ගතහැක. මා සිතන පරිදි තවමත් නලින් හා මා එකඟය."බටහිර" දැනුම උන්ට හොඳය අපිට නරකය. යනුවෙන් සමහර නලින් අනුගාමිකයෝ පවසති. "බටහිර" දැනුමෙන් පරිසරය විනාශ වන බැවින් එය කාටත් නරකය යනුවෙන් සමහරු පවසති. මේ සම්බන්ධ චින්තන පර්ශදයේ ස්ථාවරය මා හරියට දන්නේ නැත. කෙසේ වෙතන් 'ජාතික චින්තනය' හා මම මතවාදීව වෙනස් වන්නේ මේ අන්තයටම පැමිනි විටය. වාස්තවික සත්‍යයක (absolute reality) පැවතීම ගැන විස්වාශ කරන්නන් හා විද්‍යාව යනු සත්‍ය ගවේශනයක් (search for truth) ලෙස දකින්නන් 'ජාතික චින්තනය' හා මතවාදීව වෙනස් වන්නේ නලින් කට ඇරිය මොහොතේ සිටය. කෙසේ වුවත් ලෝක දැක්මෙන් මට වඩා වෙනස් මත දරන්නන් සමග අත්වැල් බැඳ ක්‍රියාත්මක වීමට මට සිදුව ඇත්තේ ඔවුන් ගේ මතවලින් කිසිවෙකුට නුදුරු අනාගතයේ හානියක් නොවෙතැයි සිතෙන නිසා හා 'ජාතික චින්තනය' හරහා ඇතිවෙන අනවශ්‍ය "උන්" සහ "අපි" යන බෙදීම නුදුරු අනාගතයේ දීම ජාතියට වින කල හැකි නිසාය.

සංස්කෘතිය යනු තව දුරටත්, භූමිප්‍රදේශයකට සීමා වන්නක් නොවේ. එමෙන්ම සංස්කෘතීන් එකිනෙක හා සම්මිශ්‍රනය වීමෙන් නවතම සංස්කෘතීන් බිහිවේ. මෙය අපට වැලැක්විය හැක්කක් නොවේ. ඇතැම් විට කොහෙත්ම පෑහෙන්නේ යයි නොසිතෙන මතවාද ඇති සංස්කෘතීන් වලට අයත් පුද්ගලයන්, අවස්ථානුකූලව සිය මතවාද හා හර පද්ධතෙන් එහා මෙහා කරගනිමින්, හෝ සමහරවිට සම්පූර්නයෙන අත්හැර දමමින් එකිනෙකා හා යාලු මිත්‍ර කම් පවත්වති, විවාහ වලට එලඹෙති. විශ්ෂ සංස්කෘතියක් හා බද්ධවූ දැනුම් පද්ධ්තියක් හුදෙකලාව වර්ධනය කිරීම ප්‍රායොගික නොවන්නේ එබැවිනි. සංස්කෘතීන් පරිණාමය වෙන විටදී දැනුමද පරිණාමය විය යුතුය.

දේශපාලනික හේතූන් මත නලින් ගේ කන්ඩායම "බටහිර" යන ලේබලය ඇලවීමට උත්සාහකලද, නූතන විද්‍යාව යනු මා ඉහතකී ආකාරයේ සංස්කෘතිකව පරිණාමය වූ දැනුම පද්ධතියකි. විද්‍යාව හා බටහිර යුරෝපය අතර දැන් අත්තේ ඓතිහාසික සබඳතාවයක් පමනි. කිසිම ආගමකට හෝ සංස්කෘතියකට නූතන විද්‍යාව ඍජු තර්ජනයක් නොකරයි. නලින් ගේ කන්ඩායම අමාරුවෙන් නූතන විද්‍යාව හා අපගේ සංස්කෘතිය අතර ගැටීමක් සෑදීමට උත්සාහ කරන ආකාරයටම, ලෝකයේ නොයෙකුත් රටවල විද්‍යා විරෝධීන් ගේ කන්ඩායම් ඇත. ඩාවින්ගේ පරිණාම වාදයට විරුද්ධවන ක්‍රිස්තියානු, කතෝලික හා මුස්ලිම් මූලධර්ම වාදින් මේ අතර ප්‍රමුඛ වේ. ඒ වාගෙම, පරිණාමවාදය සත්‍යවූ (සත්‍යය යන වදන මෙහි යොදා ඇත්තේ සාපේක්ශ අරුතකිනි) පමනින් දෙවින්යන්ගෙ මැවුම් වාදය නිශ්ප්‍රභා නොවෙන බව තේරුම් ගැනීමට සමහර එබ්‍රහමික ආගමික නායකයන් සමත්ව ඇත. අවශ්‍ය වන්නේ සිය ආගමික මතවාද තරමක් 'පරිණාමනය' කරගෙන විශ්වයේ 'නියමයන්' පමනක් දෙවියන් විසින් මැවූ බව කීමයි. මේ ආකරයට වෙනස්වන දැනුම් පද්ධතීන් සමග සංස්කෘතීන් වෙනස් වෙමින් යන, ලෝකය යන විශාල තනි රටක අපි ජීවත් වෙමු. දෙශපාලනමය වශයෙන් රටවල් වෙන්ව පැවතියද, සංස්කෘතීන් තවදුරටත් දෙශ සීමාවලට කොටුවූ (හෝ කොටුකල හැකි) දෙයක් නොවේ.

අවසාන විග්‍රහයේදී නලින් හා මා එකඟ නොවන්නේ ඇයි? පලමුකොටම නූතන විද්‍යාව යනු 'බටහිර' බූදලයක් යයි මා නොසිතන නිසාය, දෙවනුව 'උන්' සහ 'අපි' ලෙස පැහැදිලිව බෙදීමට තරම් සංස්කෘතිය සදාතනික වෙනස් නොවන දෙයක් නොවන බව පැහැදිලි නිසාය. තෙවනුව, නූතන විද්‍යාව ඔස්සේ සිදුවන පරිසර හානිය නැවැත්විට හැකි එකම මග, පරිසර හානියට පිලියම් ලෙස විද්‍යාව තුලින් මතුවන විසඳුම් හරහා විද්‍යාව පරිවර්තනයකට ලක්කිරීම බව සිතන නිසාත්ය. මුලු ලංකාවම ජාතික චින්තනය හරහා වෙනස් මගක් ගත්තත්, නලින්ට සිය 'සිංහල බෞද්ධ' චින්තනය ලෝකයට මාර්කට් කල නොහැක (කරන්නට නම් මුලින්ම ඔය ගෝත්‍රවාදි ලේබල ගැලවිය යුතුය)නූතන විද්‍යාව හරහා ලෝකය විනාශවේ යයි නලින් අවංකවම සිතනවානම් (ඔහු ඇත්තටම එසේ නොසිතන බවයි මගේ හැඟීම)ලංකාව තුල වුවද ඉතා සීමිත පිරිසකට පමනක් ගෝචරවන 'සිංහල බෞද්ධ ජාතික චින්තනය' හරහා ලෝකය ගලවාගත නොහැකි බව ඔහුට වැටහිය යුතුය. ලෝකය විනාශවූ විට ලංකාව පමනක් ඉතුරු නොවන බවද ඔහුට වැටහිය යුතුය. මේවා නොවැටහීමට තරම් නලින් අඳ බාලයෙක් නොවේ. ඇත්තම කියනවානම් ඔහු ලංකාවේ බිහිවූ විද්වතුන් අතර ප්‍රමුකයෙක් ලෙස මම සිතමි. ඔහුගේ මේ සියලු ප්‍රවාද දේශපාලන අරමුනකින් පමනක් බිහිවෙන බව මා සිතන්නේ ඒ නිසාය.

අලුත් දැනුමක් ගොඩනැගීමට නම් ඔයතරම පැල් බැඳගෙන "බටහිරට" හා "ක්‍රිස්තියානියට" තැලීමට අවශ්‍ය නොවේ. ඔයිට වඩා සංයමකින් යුතුව "උන් සහ අපි" යන බෙදීම පදනම් කර නොගෙන මේ දෙය කිරීමට හැකි නම්, මේ අදහස් වටා මීට වඩා පිරිසක් එකතු වනු ඇති. නිර්මාණශීලි තැරුණයන් රාශියක් නලින් වටා එකතුවී ඇතිබව නම් සැබෑය. එනමුත් විද්‍යාවට පදනම් වී ඇති දර්ශනය සහ නලින් ගේ දර්ශනය අතර ඇති වෙනස ගැන මෙලෝ හසරක් නොදන්නා, කුමක් හෝ හීනමානයකින් පෙලෙන, දූපත් මානසිකත්වයක්[3](Island Mentality) ඇති, ගෝත්‍ර වාදී, පටු දේශපාලන අරමුනු සහිත භයානක පිරිසක්ද මේ අතරවේ.


[1]පහත ලිපිය ලිවීමේදි 'බල්ලන්', 'කැනහිලුන්', 'මැට්ටන්', 'දීනයන්' වැනි වචන කිහිපයක් සඳහන් වන්නේ, ඒවා නලින් ද සිල්වා ඇදුරුතුමා හා ඔහුගේ අනුගාමිකයන් ගේ ප්‍රියතම වචන බව සඳහන් කිරීමට පමනක් බව සලකන්න. සත්ව උපමා යොදා ගැනීමේ එතුමාගෙ සිරිතට තරමක් ලංවූ මම 'ගිරවා' යන අහිංසක සතෙකු පමනක් ඒ සඳහා යොදා ගතිමි.

[2]එක් අතකට බැලූ කල හැම දෙයකටම හේතු ඉල්ලීම 'ද්විකෝටික' චින්තනයයි. චතුස්කෝටියට අනුව අවශ්‍ය අවස්ථාවලදී හේතු නොදැක්වීමට නලින් ද සිල්වාට අවසර ඇත

[3] දූපත් මානසිකත්වය (Island mentality) - The notion of isolated communities perceiving themselves as superior or exceptional to the rest of the world. This term does not directly refer to a geographically confined society, but to the cultural, moral, or ideological superiority of a community lacking social exposure. Island mentality can be characterized by narrow-mindedness, ignorance, or outright hostility towards any artifact (concept, ideology, lifestyle choice, art form, etc.) originating from outside of the geographic area inhabited by the society. [Wikipedia]

Thursday, October 28, 2010

PM: Govt to establish Buddhist temples in all countries

In the recent past I have seen few comments by our Prime Minister D.M. Jayaratne regarding Buddhism and Buddha Sasana. Of course he is the Minister of Buddha Sasana and Religious affairs in the country as well. Sri Lankan Prime Minister does not make many headlines in the news like the other politicians, but out of the few comments he have made some are controversial.

Among the recent comments made by him some have been heavily criticized by the human right groups e.g. planning to recruit as much as 2600 children as child monks to the Buddha Sasana (a.k.a Buddhist Church) in May 2011 marking the 2600th "Buddha Jayanthiya"

Keeping the internal matters aside, the PM has made some interesting remarks regarding the "Buddha Bar" restaurant chain operating in several other counties.., and in a more recent comment; the Sri Lankan Government planning to establish Buddhist Temples in all the countries  as an "immediate" measure.

Secular Sri Lanka (SSL) has no intention of insulting the Sri Lankan Prime Minister D.M. Jayaratne. However as a Government (and/or responsible officials of it) should we waste the tax payer’s money on these matters?

Related links:
http://www.dailynews.lk/2010/10/28/news31.asp
http://groups.google.com/group/secular-sri-lanka-discussions/browse_thread/thread/0b0f8317e20c2748

Saturday, October 16, 2010

The ultimate answer is 42!

Do atheists believe in science?

It may not be directly within the scope of secular Sri Lanka movement to defend the position of atheists with respect to science. However, among other things, I consider myself an atheist, since I do not agree with the concept of "God" proposed by monotheistic religions and especially the Abrahamic God. I believe that the organized religion built around such a concept is not relevant anymore, and moreover, is detrimental to the wellbeing and the moral and material advancement of the human civilization. Therefore I thought of writing in brief to debunk the popular notion that "Atheists believe that science can explain everything and thus they "believe" in science". Why I think that Abrahamic God is not in the interest of moral advancement of human civilization is much better argued and explained by innumerable of well versed individuals throughout the history (Richard Dawkins, Sam Harris, Stephen Hawkings, Douglas Adams, being a few such people whom comes in to my mind first) and thus there is no need to put my two cents there.

Those who are religious think that atheists think that “science explains everything”. This, I think, is mainly because religious people measure atheists in their own image. Most people are religious because for them, science does not explain “everything”, therefore to know the answers to the questions that science does not ask in the first place, they resort to non-sciences, and then get satisfied with the answers therein.

Atheism is the other side of theism. They are the folks who reject God concept. Apart from that, nothing prevents an atheist to go ahead and reject science too. Being an atheist does not necessarily mean they have accepted science and its epistemology. However, it is tru that the brand of atheists represented by Richard Dawkins and Co. firmly believes in science. In more accurate terms, they believe in scientific methodology of building knowledge.

There could be atheists who believe that science explains, or will explain “everything”. However, then they ”believe” in science for the wrong reasons! The first question is; what is this “everything” means. Science can answer the questions such as “where is my car key?”, “is my wife pregnant?”, “what happens when I die?” (answer: your body get decomposed and become part of the earth, while your legacy continues in the social fabric). However if you ask "is there a life after death?"**, “what happens in my next life?”. “do animals have a soul?” then science will tell you that those concept are not included in any of scientific models, and hence is not answerable. Similarly science will not be able to answer the question “what kind of wood Pinocchio was made of”. If the fairly-tale that introduced the concept Pinocchio does not say that, then science cannot. Same goes for the “Soul”.

Scientists, atheists and ‘whateverists’ who like scientific methodology, should like it for its beauty (yes ‘beauty’) and the results science brings to make our lives easier and happier. If anyone “believes” in science thinking that they will be able to find out some objective truth about life, universe and everything……. then I have to say that; Sorry I don’t think that is the objective of mainstream science. Looks like you are in the wrong shop. If one wants to find the answer to the question of life, universe and everything, then one should read “Hitchhiker’s guide to the Galaxy” by Douglas Adams ( see The ultimate answer '42' )

Other than the fact that some atheists have read Douglas Adams and hence they know that the ultimate answer is 42, most of them are happy not knowing the answers to the those big and artificial questions of life universe and everything. However, most atheists know something about morality that most believers take for granted. They know that I can suffer, you can suffer and most lifeforms with consciousness can suffer, and suffering is generally bad; and therefore we should do things that minimize the sufferings of all. This little piece of information is worth knowing.

PS:

** A scientific answer to the question "is there a life after death", in a lighter vein, yet extremely appropriate would be "no! because when you are dead, you are dead".

Sunday, October 3, 2010

ලිංගික අධ්‍යාපන අපේ දරුවන්ටත් ලබා දෙමු


ලිංගික අධ්‍යාපන අපේ දරුවන්ටත් ලබා දෙමු

beyondframe | October 3, 2010 at 4:36 am | Categories: Uncategorized | URL: http://wp.me/plxhT-1ss

අප රට තුළ දිනකට සිදුවන ගබ්සා සංඛ්‍යාව 1000 ඉක්මවන බව සැප්තැම්බර් 29 දා දිවයින පුවත්‍පත වාර්ථා කර තිබිණි. මේ ප්‍රවෘත්තියේ ප්‍රමානවත් මූලාශ්‍ර නැත. එහෙත් ගබ්සා කිරීම් කරන මධ්‍යස්ථාන හොර අරක්කු විකුණන ඒවා තරමටම සුලබ බව නොදන්නේ පොළොවේ පය ගසා නැති මිනිසුන් පමණකි. ඒ නිසාම ඒ ගණන් හිලවු ගැන වාදය පැත්තකින් තබා මේ කාරණයෙන් මතු කරන ගැටලුව දෙස බලමු.

ගබ්සාව නීති විරෝධී ය. ඒ නිසා මේ ගබ්සා සිදුකරන්නේ හොර රහසේ ය. බොහෝ විට හොර වෛද්‍යවරු අතිනි. ඒ නිසාම මියයන මව්වරුද සංඛ්‍යාවෙන් විශාල ය.

මේ සදහා අපේ විද්වතුන්ගෙන් උපදෙස් ඇසුවොත් කියනු ඇත්තේ නීතිවිරෝධී ගබ්සා ද නීති විරෝධී කරන ලෙස ය. මක්නිසා දයත් ඔවුන් දන්නේ සියලු ප්‍රශ්න විසදිය හැකි ඒකායන මාර්ගය නීතියෙන් තහනම් කිරීම බැවිනි.

එය කළ නොහැකි යයි කිව්වොත් ඔවුන් කියනු ඇත්තේ ලිංගික අවයව ලොක් කර යතුරු දමන ලෙස ය. අන්තර්ජාලය මුළුමනින් තහනම් කරන ලෙස ද වීඩියෝ කඩ වසන ලෙස ද තවත් බොහෝ අතුරු යෝජනා ‍ඔවුන්ගෙන් පහළ විය හැකි ය. ඊට අමතරව ලිංගික ක්‍රියා යනු අසම්මජාති පාපකාරී ක්‍රියාවන් ලෙස අර්ථ දක්වා ඒවා ගැරහිය යුතු බව ද ඔවුන් කියනු ඇත්තේ ය. සමහරවිට දරුවන් ආගමට වඩ වඩාත් නැඹුරු කළ යුතු යයි අවවාද ද දෙනු ඇත්තේ ය.

ඒත් ඒ සියල්ල මේ තත්වය පාලනය කිරීමට හේතු වනු ඇත් ද යන්න අපට නම් ප්‍රශ්නයකි. අප ඒවා හරහා කරන්නේ උඩුගං බලා පිහිනීම බැවිනි. එය අමාරු ය. ඊට අමතරව විශේ‍ෂයෙන් සහජයෙන්ම වේගයක් ලබා ඇති ගගක එසේ පිහිනීම මෝඩකමක් ද වෙයි. අප එසේ කියන්නේ ලිංගික ‍පෙළඹවීම් අතිශයන්ම ස්වභාවික කාරණයක් ලෙස මෙන්ම අතිශය ප්‍රබල සත්ව අවශ්‍යතාවයක් නිසි උපත ලබන දෙයක් ද ලෙස අප සළකන බැවිනි.

ඒ පුවත්පතේම (සැප් 29 දා දිවයින) තිබුණු තවත් ප්‍රවෘත්තියකින් කියවුනේ ශ්‍රී ලාංකික දරුවන් 44 දෙනෙකුට අම්මලාගෙන් ඒඩ්ස් වැළදී ඇති බව ය.

අප මීට ඉහත දී වාර්ථා කළේ මේ රටේ ගණිකාවන් පමණක් 47000 ක් ඉන්නා බව ය. සැප්තැම්බර් 28 දා පළවූ ප්‍රවෘත්තියකින් කියා තිබුනේ තරුණියන් තිදෙනෙක් මාතර පැත්තේ තැන් තුනක දී පැහැර ගෙන ගොස් ඇති බව ය.

මේ සියල්ල දකින විට අපට නම් සිතෙන්නේ අප රටේ ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් මීට වඩා නිදහස් හා විවෘත සංවාදයක් ඇති කළ යුතු බව ය. ලිංගික අධ්‍යාපනය දරුවන්ට ලබා දිය යුතු බව ය.

ඒ සමගම ගබ්සාවන් නීත්‍යානුකූලව කිරිමේ ඉඩකඩ ගැන සොයා බැලිය යුතු බව ය. අඩුවශයෙන් ඒ සදහා දැනට පවතින දැඩී නීති ලිහිල් කළ යුතු බව ය. එවිට අඩුවශයෙන් ඒ ආයතන හරහා සිදුවන සූරාකෑම ද අතිශයින් දරුණු වද හිංසා ද නිරපරාද මරණයන් ද පාලනය කළ හැකි බැවිනි. ඒ හරහාම මේ තත්වය වළක්වා ගැනීමට අවශ්‍ය බුද්ධිමය මැදිහත්වීමකට ඉඩ සළසා ගත හැකි බැවිනි.

දැනුවත් එමෙන්ම බලාත්මක කරන ලද දරුවන් වඩා මේරුණු විදිහකට තම ලිංගික අවශ්‍යතාවයන් සපුරා ගනු ඇතැයි ද ඒ නිසා අමාරුවේ නොවැටෙනු ඇතැයි ද අපි සිතමු. එසේ අමාරුවේ වැටුනු විටක පවා තව දුරටත් ගැඹුරු අගාධයකට ඔවුන් තල්ලු නොකර බේරා ගත හැකි වෙතැයි ද අපි සිතමු.

Add a comment to this post

      

Trouble clicking? Copy and paste this URL into your browser: http://subscribe.wordpress.com


Friday, October 1, 2010

When Reason Sleeps Demons Dance !

Why would Sri Lanka's department of examination need a religious shrine of one particular religion in its property? Why would the commissioner general erect a shrine of a specific religion ignoring the other religions and non-believers of religion? Our government property shall represent the interests of all citizens and it must remain neutral in religious matters leaving it as a private matter of the government employees and focus on your professional assignments as servants of the entire citizenship.

Shall we also consider building a Temple for that living con-artist Sai Baba?

When Reason Sleeps Demons Dance !

Where are we taking our nation?




Buddhist Shrine at the Department of Examinations


Foundation stones were laid for the erection of a Buddhist Shrine at
the premises of the Department of Examinations on 19.05.2005.

The ceremony was chaired by Mr. W.A.M. Wijayasiri , the Commissioner General of Examinations and, most of the former Commissioners of Examinations and some other invitees were present as chief guests.

The estimated cost of about Rs. 01 Million is to be raised solely from donations.