[You need Sinhala unicode fonts to read this post]
ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආගම පිලිබඳ වැකි ඉවත් කිරීම ගැන මගේ අදහස්
ටිකක් දිගට උත්තර දෙන්න ඕන ප්රශ්නයක්. ඒත් කෙටියෙන් කියන්නම්. රාජ්යය 'පැරණි රාජ්යය' හා 'නූතන රාජ්යය' කියල වර්ග කළ හැකියි. පැරණි රාජ්යය අනිවාර්යයෙන්ම වාගේ රාජාණ්ඩු ක්රමයක්. එහි පාලකයා පත් වන්නේ පරම්පරා උරුමයෙන් මිස ජන සම්මතයෙන් නෙවෙයි. ඔහු මැරෙන තුරුම පාලකයායි. ඔහු දරුණු පාලකයෙකු වුවත් ජනයාට කළ හැකි දෙයක් නෑ. වර්ධනය වූ ක්රම නැහැ රජුව පාලනය කරන්න. ඒ නිසයි රජු දැහැමිවේවා (රාජා භවතු ධම්මිකො) කියල ප්රාර්ථනා කරල බලාගෙන ඉන්න වෙන්නෙ.
නමුත් නූතන රාජ්යය තුළ සැළකියයුතු තරමකට ජනයා බලවත්. පාලකයාව අඩුම තරමේ විවේචනය කළ හැකියි. වසර කීපයකට පසු චන්දයෙන් ඔහුව ගෙදර යැවීමටද පුළුවං.
පැරණි රාජ්යයතුළ රාජ්යයේ පැවැත්ම සම්බන්ධ මතවාදය (ideology) ගොඩනගා ගන්නේ ආගමේ උදව්වෙන්. රජු බලයට පත් වන්නේ 'ලෝකය සාසනය රකින්න' 'දළදාවහන්සේ රකින්න' 'පෙරහැර කරන්න' 'රජු පැවත එන්නෙ බුදුන්ගේ නෑ පරපුරෙන්' ආදී වශයෙන්. මේ සියල්ල තුලිනුයි රාජ්යය ගෙනියන්නේ.
ඒත් නූතන රාජ්ය රදාපවතින්නේ මේ ආකල්ප මත නොවේ. එය සම්පූර්ණ ලෞකික වූ ආයතනයක් වන අතර 'ප්රජාතන්ත්රවාදය' 'මානව අයිතිවාසිකම් හා නිදහස' වැනි සංකල්ප එහි මතවාදය සකසනවා. ඒ අර්ථයෙන් ගත්තම 'රාජාණ්ඩු ක්රමයක්' වූ 'පැරණි රාජ්යය' මානවය අතහැර දමා ආ දියුණුවෙන් අඩු යුගයක් නියෝජනය කරනව.
ලංකාව සම්බන්ධයෙන් ගත්තම රාජ්යය සම්බන්ධයෙන් ඇතිවිය යුතු මේ යුග දෙක පිළිබඳ අවබෝධයේ ලොකු අඩුවක් මම දකිනවා. ලංකාවේ මේ සම්බන්ධයෙන් තියෙන්නෙ බාග අවබෝධයක්. ඒ නිසයි ජන සම්මත්යෙන් පත්වන පාලකයා 'රජෙක්' ලෙස තමන්ව හුවා දැක්කුවාම ජනයා අතර එය හිනාවට ලක් නොවෙන්නේ. එය මානවයා අතහැර දමා ආ අවලංගු තත්වයක් ලෙස නොසලකන්නේ. ඒ නිසයි දේසපාලකයින් අතීත රජුගේ කාර්යය්ක් වූ බුදු දහම රැකීම තම කාර්යයක් කියා හුවා දැක්වීම සඳහාවන වැකි ආණ්ඩුක්රම විවස්ථාවට ඇතුළු කරන්නේ සහ භික්ෂූන් අතර සමහර දෙනා එසේ ආණ්ඩුක්රම ව්යවස්ථාවට එය ඇතුළු වියයුතු යැයි හිතන්නේ.
දැන් බුදුදහම පැත්තෙන් බලමු එයට රාජ්ය ආරක්ෂාව අවශ්යද කියා. දන්නා තරමින් බුදුන් බිහිවුනේ රජපවුලක. බුදු වූ පසු අවශ්ය වුනා නම් උන්වහන්සේට රාජ්ය අනුග්රහය ගන්න තිබුණා ඉතාම පහසුවෙන්. නමුත් එවන්නක් ගත්තේ නෑ. රජුන් කළ අනුග්රහයන් මත රඳා පැවතියෙත් නෑ. අවසානයේ මියගියේ ගහක් යට. උදව්වට ළඟ හිටියේ එකම එක කෙනයි. ඒ ආනන්ද තෙරුන්.
තමන් ළඟ මහණ වූ පිරිසට ධර්මය තේරුම් කර දීමෙන් පසුව ඔවුන්ට දුන් අවවාදය ඉතාම වැදගත්. 'එකමග දෙදෙනෙක් නොගොහින් සාමන්ය මිනිසුන් අතරට ගොස් ඔවුන්ගේ සතුට සැනසීම වෙනුවෙන් වැඩකරන්න' මෙතන රාජ්යය ගැන කිසි සඳනක් නෑ. 'ගිහින් රජුන් පහදවා ගන්න, ඔවුන්ගේ උදව්වෙන් රටවැසියන්ද බෞද්ධ කරන්න, බෞද්ධ රාජ්යයක් ගොඩනගා බුද්ධාගම රැකගන්න' මේ කිසිවක් එහි නෑ. ඒ නිසා රාජ්යයයි බුදුදහ්මේ ආරක්ෂාවයි අතර කිසි සම්බන්ධයක් මා දකින්නේ නෑ.
මූලික වසයෙන් මගේ අදහස රාජ්යය පුර්ණ ලෙස ලෞකික විය යුතුයි. එක් වාක්යයකින සියලු රටවැසියන් සමානය කියා තව වැකියකින් ඒ රාජ්යයම බුදු දහමට විශේෂ තැනක් දෙනවා කී විට පෙර කී වගන්තියෙහි කිසිස්ම අර්ථයක් නැති වෙනවා යන්න මගේ අදහසයි. බුදු දහමේ එන දියුණු සංකල්ප ආණ්ඩුක්රම ව්යවස්ථාවට ගන්නවාට මා විරුද්ධ නෑ. උදාහරණයකට සතර සංග්රහවස්ථු අතර පෙන්වා ඇති 'සමානාත්මතාව' පිළිබඳ අදහස හොඳින්ම ආණ්ඩුක්රම ව්යවස්ථාව පුරාම පදනම් දර්ශනයක් ලෙස ක්රියාත්මක කළ හැකියි.
මගේ කෙටි පිළිතුර නම් ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් කිසිම ආගමකට හෝ කිසිම ජන කොටසකට විශේෂයක්නොදැක්විය යුතුයි. එවිට බුදුදහමත් හොඳින් ආරක්ෂාවන බව මාගේ පුද්ගලික අදහසයි.
Original Post http://www.secularsrilanka.com/discussions/pitastharaya-2/buddhism-and-the-kings
No comments:
Post a Comment